එල්ටීටීඊයට අයත් බෝම්බ සොයා ගත් යුද උපකරණ අතර
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කරන සෝදිසි මෙහෙයුම්වල දී අඟහරුවාදා (29) දින මැණික් ෆාම්, නාවත්කුලම්, කොල්ලන්කුලම්, කිලිනොච්චිය, ඉරණමඩු, වෙල්ලමුල්ලිවයික්කාල්, කච්චිලමඩු සහ දම්ගෙලියද්ද යන ප්‍රදේශවල තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 18 ක්, ආර්පීජී බෝම්බ 05 ක්, අත් බෝම්බ 49 ක්, ටී - 81 වර්ගයේ අවිවල ඩ්‍රම් 04 ක්, පිස්තෝල 01 ක් සහ ත්‍රී රෝද රථ 01 ක් සොයා ගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 57 ක් සහ පුපුරා නොගිය මර උගුල් 02 ක් මහිලන්කුලම්, උඩයියඩි සහ මරුතමඩු යන ප්‍රදේශවල තිබී එදිනම (29) සොයාගෙන ඇත. |