යුද හමුදා සෙබළු අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වල.....
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කළ සෝදිසි මෙහෙයුම්වල දී බදාදා (23) දින චරඩ්ඩිකුලම්, කොල්ලන්කුලම් සහ නල්ලූර් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 05 ක්, පුපුරා නොගිය මර උගුල් 02 ක් හා ආර්පීජී බෝම්බ 08 ක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (23) පුද්ගලනාශක බෝම්බ 427 ක්, ආර්පීජී බෝම්බ 02 ක් සහ අත් බෝම්බ 01 ක් මහිලන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියතම්පනෙයි, මරුදමඩු, විලක්තිකුලම් සහ උදෙයිආඩි යන ප්‍රදේශවල දී සොයා ගත්හ.
ආබාධිත රණවිරු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු ශූරතාව ගජබා රෙජිමේන්තුවට
2010 යුද හමුදා අන්තර් රෙජිමේන්තු ආබාධිත ක්‍රීඩා උළෙලේ රෝද පුටු පැසිපන්දු තරගාවලිය ඉතා උත්කර්ෂවත් අයුරින් ජුනි මස 22 වන දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්විනි. රෙජිමේන්තු රැසක් නියෝජනය කරමින් තරඟ වැදුණු පැසිපන්දු කණ්ඩායම් අතර ඉතා උනුසුම් තරඟාවලියක් දැකගත හැකිවිය.
මෙහිදී ලකුණු 29 ක් ලබා ගනිමින් ශූරතාවය දිනාගැනීමට ගජබා රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම සමත් වු අතර, අනුශූරතාව ලකුණු 19 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. තෙවන ස්ථානය විජයබා රෙජිමේන්තුව සතුවිය.
මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුයේ ගජබා රෙජිමේන්තු නියෝජනය කල සෙ/461801 කෝප්‍රල් එදිරිසිංහ ඊඑම්ඒඩබ් වන අතර, දක්ෂතම ආරක්ෂකයා වුයේ එම රෙජිමේන්තුවේම සෙ/4464811 ලාන්ස් කෝප්‍රල් සිරිවර්ධනය.
පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථාන අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්පීඑච් මංචනායක මහතාගේ ආරාධනාව මත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රීගේඩියර් ආර්එම්ජේඒ රත්නායක මහතා සහභාගී විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොසැලෙන නායකත්වය යුද ජයග්‍රහනයේ අඩිතාලම බව අගමැතිතුමා පවසයි
දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් 100 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය අග්‍රාමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (24) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විසිරගිය නිලධාරින් අතර ඉන්දීය ආරක්ෂක විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරින් 05 දෙනෙකු ද වූ අතර, නිත්‍ය නිලධාරි බඳවාගැනීම් අංක 67, 69 හා කෙටිකාලීන කෙඩෙට් පාඨමාලා අංක 17 ඒ යන බඳවාගැනීම්වලට අයත් වූහ. බඳවාගැනීම් අංක 67 යටතේ විසිරගිය කෙඩෙට් නිලධාරීහු සබරගමුව විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ආරක්ෂක විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබාගත්හ.
ශ්‍රී ලංකා ආරක්ෂක විද්‍යාපීඨයේ ප්‍රධාන දොරටුව අභියස දී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අග්‍රාමාත්‍යතුමන්ව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා විසින් පිළිගනු ලැබීය.
දිනයේ ප්‍රථම කාර්යය ලෙස අග්‍රාමාත්‍යතුමන් ආරක්ෂක විද්‍යාපීඨයේ විරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කොට මියගිය රණවිරුවන් සිහිකරනු ලැබීය.
අධිකාරයට පත්කරන ලද කෙඩෙට් නිලධාරින් වෙත අග්‍රාමාත්‍යතුමන් විසින් අසිපත් පිරිණැමීමෙන් අනතුරුව මේජර් මංජුල චන්ද්‍රසේකරගේ අණදීම යටතේ නව කෙඩෙට් නිලධාරින්ගේ උත්තමාචාර පෙළපාලිය පවත්වනු ලැබීය.
බඳවාගැනීම් අංක 69 කණ්ඩ මෙහෙයුම් නිලධාරි එස්.ඒ.ආර්.ආර්. ප්‍රභාත් කුමාර සියළු අංශයන්හි දක්ෂතමයා ලෙස අසිපත ලැබූ අතර, බඳවාගැනීම් අංක 67 හි කෙඩෙට් නිලධාරි වයි.ඒ.එම්.කේ. යාපා, බඳවා ගැනිම් අංක 69 කණ්ඩ මෙහෙයුම් නිලධාරි එස්.ඒ.ආර්.ආර්. ප්‍රභාත් කුමාර සහ කෙටිකාලීන කෙඩෙට් පාඨමාලා අංක 17 ඒ හි කණ්ඩ මෙහෙයුම් නිලධාරි අයි.එම්.ඒ.බී. ඉලංගසිංහ යන නිලධාරිහු ඒ ඒ බඳවාගැනීම්වල ඉහළම ළකුණු වාර්ථා කරමින් ජනාධිපති කුසලානයෙන් පිදුම් ලැබුහ.
විසිර ගිය ආධුනික කෙඩෙට් නිලධාරීන් අමතා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රකාශකළේ ජාතියේ පිනට පහළ වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවැරදි හා නොසැලෙන නායකත්වය නිසා මෙම ෙඑතිහාසික යුද ජයග්‍රහණය ලබාගත් බවයි.
“ලෝකයේ රටවල් 66 ක තවමත් යුද්ධ පවතිනවා. නමුත් යුද ජයග්‍රහණ ලබාගත් එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම ජයග්‍රහණය නිසා යුද්ධ පවතින සෙසු රටවල් ලැජ්ජාවට පත්වී සිටිනවා. ඔවුන් අපේ අවසන් සටනේ දී සිදුවී යැයි කියන වැරදි සොයමින් අපේ රටත්, ජාතියත්, රණවිරුවනුත් සමච්චලයට ලක් කරනවා. මෙය බියගුළු ලැජ්ජා සහගත කරුණක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් සිව් දෙනෙකුට අවසන් කළ නොහැකි වූ යුද්ධය අවසන් කිරීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. එමනිසා මෙම ගෞරවය අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ වීරෝදාර රණවිරුවන්ට සහ ඔවුන් හැදු වැඩු දෙමව්පියන්ටත් හිමිවිය යුතුයි” යැයි ද අගමැතිවරයා පැවසීය.
තම දිවි පරදුවට තබමින් රණවිරුවන් මාතෘ භූමිය රැක ගැනීමට කළ කැපකිරීම හා ලැබු එම ජයග්‍රහණය කිසිදා මැකී නොයන ලෙස ඉතිහාසගත වන අතර, එය අනාගත පරපුරට දැනගැනීමට සටහන් කළ යුතු බව ද පැවසීය. 30 වසරක් පුරා පැවැති භයානක ත්‍රස්තවාදය පරාජය කර ලෝකයම මවිත කරමින් ලබාගත් ඓතිහාසික යුද විජයග්‍රහණය දෙකඩ කිරීමට විවිධ බාහිර බලවේග දියත් කරන උපක්‍රම අතුගා දැමිය යුතු බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“මේ මව්බිමේ වැලිකැටවලට කථා කළ හැකි නම් ඒවා පවසාවි; තමන් නිර්මාණය වී ඇත්තේ අප රට රැකගත් මුතුන්මිත්තන්ගේ ලේ බිඳුවලින් බව. අතීතයේ දී විවිධ ආක්‍රමණ එල්ල වූ අවස්ථාවල අපේ මුතුන්මිත්තන් දේශප්‍රේමී යුගපුරුෂයන් වී බේරාගත් මව්බිම රැකගැනීම අප සතු යුතුකමක් හා වගකීමක්.” යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
විසිරයාමේ පෙළපාලිය අවසානයේ දී තම ගමන සිහිගන්වනුවස් ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් දියතලාව ආරක්ෂක විද්‍යාපීඨයේ දී පැළයක් ද රෝපනය කලේය.
විසිරයාමේ පෙළපාලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් කුලතුංගගේ ප්‍රධානත්වයෙන් විසිර ගිය නිලධාරීන් සමග නිල ලාංජන පැලදවීමේ උත්සවය සිදුවිය.
|