සොයා ගත් උපකරණ අතර මිමි 122 කාලතුවක්කු උණ්ඩයක් සහ පුද්ගලනාශක බෝම්බ 308 ක්
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කළ සෝදිසි මෙහෙයුම්වල දී අඟහරුවාදා (22) දින පෙරියකුලම්, චිරඩ්ඩිකුලම්, මාන්කුලම් සහ අදිකාරමුල්ල යන ප්‍රදේශවල තිබී ආර්පීජී බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 13 ක්, විදුලි බෝම්බ 01 ක්, ගුවන් විදුලි සන්නිවේදන උපකරණ කට්ටල 01 ක්, නවීකරණය කරන ලද බැටරි 01 ක් සහ එහි ආවරණය සහ චන්ද්‍රිකා තාක්ෂණික දත්ත සැපයුම් රැහැනක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) පුද්ගලනාශක බෝම්බ 295 ක්, මිමි 122 කාලතුවක්කු උණ්ඩ 01 ක්, අරුල් බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක් සහ පුපුරා නොගිය මර උගුල් 01 ක් මහිලන්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියතම්පනෙයි, මල්ලවරායන්කඩ්ඩෙයිඅඩම්පන්, කෝවිල්පුලියන්කුලම්, උදෙයිආඩි සහ කිළිනොච්චි ප්‍රදේශවල දී සොයා ගත්හ.
කිළිනොච්චියට නව බැංකු ශාඛා ජාලයක්.....
කිළිනොච්චි දිස්ත්‍රික්කයේ ඉදි කෙරුණු නව බැංකු ශාඛා හතරක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් පසුගිය ජූනි 07 වන දින විවෘත කෙරිණි. මහජන බැංකු ශාඛා 02 ක්, කොමර්ෂල් බැංකු ශාඛාවක් හා සෙලාන් බැංකු ශාඛාවක් ඊට ඇතුලත් විය. නැවත පදිංචි කළ ජනතාවට තම ජීවනෝපාය මාර්ග, සංවර්ධන කටයුතු ඉටුකරගැනීමට අවැසි මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට මෙම බැංකු ශාඛා තුලින් ණය පහසුකම් ලබාදීම හා විෙද්ශයන්හි වෙසෙන සිය ඥාතීන් එවන විදේශ මුදල් ලබාගැනීමට අවස්ථාව සැලසේ. මෙහි දී පැමිණ සිටි ජනතාව සමඟ පිළිසඳරේ යෙදුනු මහ බැංකු අධිපතිවරයාට ඔවුන් පැමිණිලි කර සිටියේ පසුගිය කාලයේ අස්ථානගත වූ තම ලියකියවිලි නොමැතිවීම මහත් ගැටළුවක් බවයි. ඒ පිළිබඳ කරුණු අධ්‍යනය කොට ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට මෙහි දී මහ බැංකු අධිපතිවරයා එකඟ විය.
මෙම අවස්ථාවන් සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන රාජගුරු හා කිළිනොච්චි දිසාපති රූපවතී කේතීෂ්වරන් මහත්මිය ඇතුළු ගනුදෙනුකරුවන් පිරිසක් එක්වූහ.
ෙම්ජර් ජෙනරාල් රාජගුරුට සිංහ රෙජිමේන්තුවෙන් උපහාර
සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද මේජර් ජෙනරාල් එල්.ඩබ්.සී.බී.බී. රාජගුරු හට එම රෙජිමේන්තුවෙන් උපහාර පිරිනැමීය. ඒ සඳහා සංවිධානය කළ උත්සවයක් පසුගිය 2010 ජූනි 12 වන දින අඹේපුස්සේ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙහි දී හමුදා චාරිත්‍රවලට අනුකූලව මේජර් ජෙනරාල් රාජගුරු වෙත සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර, බලලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ දී තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය.
මේජර් ජෙනරාල් රාජගුරු යුද හමුදාවට සහ සිංහ රෙජිමේන්තුවට කළ සේවය ඉමහත් බව එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ.බී. ජයතිලක මෙහි දී සිහිපත් කළේය. |