යුද අධිකරණයන් දෙකම නැවතත් රැස්වේ
ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව නගා ඇති චෝදනා සබැඳි පළමු හා දෙවන යුද අධිකරණයන් සඳුදා (21) දින පිළිවෙලින් පස්වරු 2.00 ට හා පස්වරු 4.00 ට නියෝගානුකූලව කැඳවනු ලැබීය.
පළමු යුද අධිකරණයේ සාක්ෂි විමසීම එදින සිදුකළ අතර ඉදිරි නඩු වාරයේදී ද තව දුරටත් සාක්ෂි විමසීමට නියමිතය. පළමු යුද අධිකරණය 2010 ජූනි මස 28 වන දින පස්වරු 2.00 ට නැවත රැස්වීමට නියමිතය.
දෙවන යුද අධිකරණය සඳුදා (21) පස්වරු 4.00 ට කැඳවනු ලැබූ අතර, ලබන සඳුදා (28) දින පස්වරු 4.00 ට නැවතත් රැස්වන දෙවන යුද අධිකරණයේදී ද සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතය. (නිමාව) |