මෝටාර් බෝම්බ 36 ක් සෝදිසි මෙහෙයුම්වලින් සොයාගනී
උතුර : යුද හමුදා සෙබළුන් විසින් නොකඩවා දියත් කල සෝදිසි මෙහෙයුම්වල දී සඳුදා (21) දින සින්නපණ්ඩිවිරිච්චාන්, මරුදමඩු, නාඟතලු, ඔඩ්ඩුසුඩාන්, පදවිය, අදිකාරමුල්ල සහ විශ්වමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 23 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 36 ක්, පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ මර උගුලක්, චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ කට්ටලයක් ඇතුළු වෙනත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (21) පුද්ගල නාශක බෝම්බ 225 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ පුපුරා නොගිය මර උගුල් 02 ක් මයිලන්කුලම්, නාවත්කුලම්, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියපණ්ඩිවිරිච්චාන්, මල්ලවරායන්කඩ්ඩෙයිඅඩම්පන්, කෝවිල්පුලියන්කුලම්, මරුදමඩු, නාරික්කුලම්, උදෙයිආඩි සහ අඩම්පන් යන ප්‍රදේශවල දී සොයා ගත්හ. |