තවත් යුද උපකරණ සහ පතෙරාම් තොගයක් හමුදාව අතට........
උතුර : යුද හමුදා සෙබළුන් විසින් කුරුඩවිල් මංසන්ධිය, ඕමන්තේ, නොච්චිමොඩෙයි, සින්නපන්ඩිවිරිච්චාන්, කොල්ලන්කුලම්, මාන්කුලම්, නල්ලූර් සහ උරුතිරපුරම් යන ප්‍රදේශවල අගහරුවාදා (15) දින සෝදිසි මෙහෙයුම් දියත් කලහ. එහි දී පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ 15 ක් සහිත චාජර් 01 ක්, අත් බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 34 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 03 ක්, ටී - 56 මැගසින් 03 ක්, මයික්‍රෝ පිස්තෝල මැගසින් 01 ක්, පුපුරා නොගිය මරඋගුල් 04 ක් සහ විදුලි බෝම්බ 01 ක් සොයා ගත්හ.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) මයිලන්කුලම්, වෙලාරසින්නකුලම්, මල්ලවරායන්කඩ්ඩෙයිඅඩම්පන්, පෙරිපණ්ඩිවිරිච්චාන්, කෝවිල්පුලියන්කුලම්, නරික්කුලම්, උදෙයියාඩු, අඩම්පන් සහ කිලිනොච්චි ආදී ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරත් දී පුද්ගලනාශක බෝම්බ 189ක්, මිමි 81 මෝටාර් බෝම්බ 28 ක්, මිමි 60 මොටාර් බෝම්බ 03 ක්, පුපුරා නොගිය මරඋගුල් 07 ක් සහ අත් බෝම්බ 01 ක් සොයා ගෙන ඇත.
තවද, සිවිල් වැසියෙකු විසින් පෙරියපුල්යන්කුලම් ප්‍රදේශයේ තිබී, මිමි 81 මෝටාර් බෝම්බ යොදා සකස් කළ මරඋගුලක් එදිනම (15) සොයා ගන්නා ලදී. |