භට පිරිස් ටී - 56 පතෙරාම් ෙතාගයක් සොයා ගනි
වැලිඔයඃ යුද හමුදා භට පිරිස් අඟහරුවාදා (13) දින වැලිඔය, කට්කුලම් ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී ටී - 56 පතරොම් 1220 ක් හා මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මොබිටෙල් සමාගම වෙතින් යුද හමුදා රෝහල වෙත පරිත්‍යාගයක්
ප්‍රකට ජංගම දුරකතන සේවාදායක සමාගමක් වන මොබිටෙල් පුද්ගලික සමාගම මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්ව දැනට යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අත්වාරු යුගල් 100 ක් 2010 අප්‍රේල් මස 07 වන දින පෙරවරුවේදී සේවා වනිතා යුද හමුදා ශාඛාව වෙත භාරදෙන ලදි.
මොබිටෙල් සමාගෙම් මෙම පරිත්‍යාගය එම ආයතනයේ සභාපතිනිය වන ලීෂා ද සිල්වා මහත්මිය විසින් සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනිය මංජුලිකා ජයසූරිය මැතිණිය වෙත යුද හමුදා සේවා වනිතා ශාඛාවේදී පිරිනැමුවාය.
සේවා වනිතා යුද හමුදා ශාඛාවේ ගරු සභාපතිනිය විසින් අදාළ පරිත්‍යාගය භාරගැනීමෙන් අනතුරුව එම භාණ්ඩ තොගය යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමට යුද හමුදා රෝහලේ මාණ්ඩලික නිලධාරී 1 ලුතිතන් කර්නල් ඩබ්ලිව්සී පෙරේරා වෙත එම අවස්ථාවේදීම භාරදෙන ලදි.
මෙම අවස්ථාවට මොබිටෙල් පුද්ගලික සමාගමේ නිලධාරීන් පිරිසක් හා සේවා වනිතා යුද හමුදා ශාඛාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
යුද හමුදාපති මානුෂීය මෙහෙයුමේ තුවාලලත් සෙබලුන්ගේ සුවදුක් විමසයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා යුද හමුදා මුලස්ථානයේ නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් සේවක මහතුන් ඇතුළු සිමළුම අංශ ආවරණය වන පරිදි යුද හමුදා මුලස්ථානයේදී අද (15) දින පෙරවරුවේදී අළුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතීමේ උත්සවයට සහභාගි විය.
යුද හමුදාපතිතුමාගේ සුභපැතීමේ පණිවුඩය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව උදාවූ නව අළුත් අවුරුද්ද නිමිතිකොටගෙන සියළු නිළයන් නියෝජනය වන පරිදි සකස්කර තිබූ තේ පැන් සංග්‍රහය සඳහා ද සහභාගි විය.
ඉන් අනතුරුව යුදහමුදාපතිතුමා සහ යුද හමුදා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි මංජුලිකා ජයසුරිය මැතිණිය යුද හමුදා රෝහලේ සංචාරයක නිරතවන ලදි. එහිදී මානුෂීය මෙහෙයුම්වලින් තුවාල ලැබ, මේවන විට ප්‍රතිකාර ලබන සහ අනෙකුත් රෝගීන්ගේ සුවදුක් සොයා බලමින් ඔවුන් සඳහා සකස් කරන ලද විශේෂ තෑගි පාර්සල් ලබාදෙන ලදි. තවද උදාවූ අළුත් අවුරුද්ද වෙනුවෙන් යුද හමුදාපතිතුමා සියළුම රෝගීන්ට ඉක්මන් සුවය පතමින් සුභපතන ලදී.
සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනි ආබාධිත රණවිරුවන්ගේ රංගන පුහුණුවීම් සොයා බලයි
මානුෂීය මෙහෙයුම්වල නිරතව සිටියදී පුර්ණ ආබාධිත තත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් අබිමන්සල නමින් අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකිරීමට බලාපොරොත්තුවන සුවසහන මධ්‍යස්ථානය වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ අරමුණින් සේවා වනිතා යුද හමුදා ශාඛාව මගින් ඉදිරියේදී දැවැන්ත කාර්යන් සැලසුම් කරමින් පවතී.
ඒ සදහා රාගම රණවිරු සෙවණේ ආබාධිත රණවිරුවන් විසින් පෙර පුහුණුවිම් සිදුකරන අතර, එම පුහුණැවීම් කටයුතු සොයාබැලීම සඳහා සේවා වනිතා යුද හමුදා ශාඛාවේ ගරු සභාපතිනි මංජුලිකා ජයසුරිය මැතිණිය 2010 අප්‍රේල් මස 07 වන දින රණවිරු සෙවණේ සංචාරයක නිරත විය.
ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ වැඩසටහන් උපදේශකයෙකු වන වුල්ෆ් ගැන් ස්ටංග් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීන නිළි අනෝජා වීරසිංහ මැතිණියගේ මැදිහත්වීමෙන් මෙම පුහුණුවීම් සිදුකරමින් පවතී. |