යුද හමුදා සෙබළු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
උතුර: යුද හමුදා සෙබළුන් විසින් බ්‍රහස්පතින්දා (08) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් වව්නිකුලම්, වෙඩිතලතිව්, නයිනතවිල්, ඕමන්තේ, ඉරණමඩු, අම්පකාමම්, කුමලමුනෙයි, සහ මහදිවුල්ගස්කඩ යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 70ක්, මිමි 40 ආර්පීජී බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ මර උගුලක්, ටී-56 ගිනි අවියක්, ටී-56 මැගසීන් 02ක්, පුපුරා නොගිය මර උගුල් 02ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 02 ක්, රැන්ගන් වර්ගයේ පුද්ගලනාශක බෝම්බ 03 ක් සහ වාරිමාර්ග සිතියම් 13 සොයා ගෙන ඇත.
දෙවන යුද්ධාධීකරණය ලබන 19 වන දින නැවත රැස්වේ
ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධ ඇති චෝදනා පිරික්සීමේ දෙවන යුද්ධාධීකරණය අද (9) පස්වරුවේ නාවික හමුදා මුලස්ථානයේ දී රැස්විනි.
මෙම විනිශ්චය මණ්ඩලය මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් (සභාපති), මේජර් ජෙනරාල් එස්.ඩබ්ලිව්.එල් දවුලගල හා මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ යන සාමාජිකයන්ගෙන් සමන්විත වන අතර, යුද්ධාධීකරණය නැවත චෝදනා විභාග කිරීම සදහා ලබන අප්‍රේල් 19 වන දින පෙරවරුවේ දී රැස්වේ. (නිමාව) |