ටී-56 පතරොම් 58,500ක් සොයා ගනී
උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් යාපනය, බේඩිපුරම්, නින්තවිල්, අඩම්පන්, කිළිනොච්චි සහ පල්චේනි යන ප්‍රදේශවල බදාදා (07) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී ටී - 56 පතරොම් 58500 ක් මිමි 60 මෝටාර් බෝමබ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 03 ක්, පුපුරා නොගිය මරඋගුල් 01 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් මාරක්කරම්පලෙයි සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලින් එදිනම (07) පුද්ගලනාශක බෝම්බ 28 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
යුද හමුදා සේවා බලකාය යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව දිනා ගනී
තාරුණ්‍යයේ ජවය හා ශක්තිය උරගා බලන අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය පසුගිය මාර්තු 29, 30 හා 31 යන දිනයන්හි පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.
මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලකුණු 28ක් ලබා ගනිමින් ශ්‍රි ලංකා යුද හමුදා සේවා බලකාය දිනා ගත් අතර, දෙවන ස්ථානය ලකුණු 20ක් ලබා ගනිමින් ගජබා රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා කාල තුවක්කු හමුදා ක්‍රීඩකයෝ තෙවන ස්ථානය දිනා ගත් අතර, ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17ක් විය.
මෙහි දී තාක්ෂණික ලෙස ක්‍රීඩා කර දක්ෂතම ප්‍රහාරකයා වූයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ආර්.එම්.ආර්.ජී. රත්නායක වන අතර, එක් ලකුණක පරතරයක් තුලින් දක්ෂතම පරාජිතයා වූයේ යුද හමුදා සේවා බලකායේ එස්.එම්.ආර්.එස්. සමරවීරයි.
මෙම තරඟාවලිය සඳහා යුද හමුදා රෙජිමේන්තු 13ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 90 දෙනෙක් සහභාගී වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දකුණු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල්. දවුලගල මහතා අතින් ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමූ අතර, යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර සංචිතයේ සභාපති බ්‍රිගේඩියර් ජී.ආර්.එච්. ඩයස් හා එම සංගමයේ ලේකම් මේජර් ජේ.අයි.බී.ඩබ්. පල්ලේකුඹුර ඇතුළු නිලධාරීන් , සෙසු නිලයින් සහ ක්‍රීඩකයින් රැසක් ඊට එක්වූහ.
පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ඔවුන්ගේ පවුල් හා එක්වේ
මාස කිහිපයක් පුරා විධිමත් පුනරුත්ථාපන වැඩසටහනක් යටතේ පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 108 දෙනෙක් ලග එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන බදාදා (7) පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය පිළිබඳ කොමිසම විසින් තෙලිප්පලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සංවිධානය කල චාම් උත්සවයකදී ඔවුන්ගේ පවුල් හා නැවත එක්විය.
පුනරුත්ථාපනය ලැබූවන්ගේ අනාගත සුබසිද්ධිය, ආර්ථික ස්ථායීතාවය නංවනු වස් පුනරුත්ථාපනය පිළිබඳ මෙම කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව යාපනය ප්‍රදේශය පාදක කරගෙන විධිමත් වෘත්තීය පුහුණුවක් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙම පුනරුත්ථාපන ලාභීන්ට ලබාදී ඇත.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යාපනය ආරක්ෂක ෙස්නා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාව තෙලිප්පලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තම දෙමාපියන් සමග ජීවත්වන කුඩා දැරියන් දෙදෙනකු විසින් පිලිගනු ලැබීය.
ෙමසේ පුනරාවකලනය ලැබූවන් අතර පිරිමින් 47 ක්, ගැහැනුන් 11 ක් හා ආබාධිත පුද්ගලයින් 07 දෙනෙකු වූ අතර ඔවුන් ලග එන සිංහල හා හින්දු අළුත් අවුරුදු සැමරීමට ඔවුන්ගේ පවුල් හා එක්වීමට වාසනාවන්ත විය. මීට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබූ සිසුවියන් 43 දෙනෙකු ද ඔවුන්ගේ දෙමව්පියන් වෙතින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා වෙත භාර දී ඇත. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට අඛණ්ඩව අධ්‍යාපන හැදෑරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවීධානය කොට ඇත.
හැකියා ප්‍රවර්ධන පුහුණුව සම්බන්ධෙයන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය විසින් නිකුත් කල සහතික පත්‍ර ඒ ඒ පුනරුත්ථාපන ලාභියා වෙත ප්‍රදාන කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ පුනරත්ථාපනය ලැබූවන් හා ඔවුන්ගේ පවුල් සාමාජිකයන් අමතා කථාවක් සිදු කලේය.
යාපනයේ දිස්ත්‍රීක් ලේකම් කේ ගනේෂ්, පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්්‍ය එන් ශම්මුගලිංගම්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් බී.සී.ජේ.ඒ.එස්. රොද්‍රිගෝ, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්්‍යය සම්පාදන බ්‍රිගේඩියර් වී එන් කොස්වත්ත සහ සිවිල් පරිපාලන හා ආරක්ෂක නිලධාරී කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම වසරේ ජනවාරි මාසයේ දී මේ ආකාරයෙන් ම පුනරුත්ථාපනය ලැබූ 20 කු තෙලිප්පලෙයි මධ්‍යස්‍ථානයේ දීම ඔවුන්ගේ දෙමාපියන් හා භාරකරුවන් වෙත භාර දී ඇත. |