යුද හමුදා සෙබලුන් විසින් තවත් පුද්ගලනාශක බෝම්බ සොයාගනී
කිලිනොච්චි: යුද හමුදා භට පිරිස් විසින් අලන්කුලම් සහ කොල්ලකුරිච්චෙයි යන ප්‍රදේශවල අගහරුවාදා (07) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 07ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
ජාතික රෝහලේ උරස් විශේෂ”ඥ වෛද්‍යවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාව නැවත පරීක්ෂාවට ලක් කරයි.
විශේෂ පරීක්ෂණ සඳහා යොදාගනු ලබන වෛද්‍ය උපකරණ ආශ්‍රිතව කොළඹ ජාතික රෝහලේ උරස් විශේෂඥ වෛද්‍යවරයෙක් දෙවන වතාවටත් කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (7) පරීක්ෂා කරනු ලැබීය.
මීට දින දෙකකට පෙර ද එම විශේෂඥ වෛද්‍යවරයාම ජෙනරාල් ෆොන්සේකා මහතාව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලැබූ අතර, අද (7) දින පරීක්ෂණ වලින්ද සනාථ කරනු ලැබුවේ ඔහු මනා සෞඛ්‍ය තත්වෙයන් පසුවන බවත් එහි එවැනි පිරිහීමක් දක්නට නොමැති බවත්ය.
පසුගිය සඳුදා නාවික හමුදා මූලස්ථානයේදී මෙම විශේෂඥ වෛද්‍යවරයාම ජෙනරාල් ෆොන්සේකා මහතා පරීක්ෂා කළේය. අනෝමා ෆොන්සේකා මහත්මිය යුද හමුදාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස විශේෂඥ උපදෙස් ලබාදෙනු ලැබීය. (නිමාව )
|