යුද හමුදාව තව දුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරයි.
උතුරඃ හමුදා භට පිරිස් විසින් කරුන්කන්ඩාල්, මුල්ලියාවෙලි, මුත්තුවිනයාගපුරම් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සඳුදා (05) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරා නොගිය මර උගුල් 01 ක්, මිමී 7.62 x 39 පතරොම් 445 ක් සහ පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පෙරියපන්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක්, මිමී 40 ආර්පීජී බෝම්බ 03 ක් සහ අත්බෝම්බ 01 එදිනම (05) සොයාගෙන තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධ චෝදනා විභාග කළ යුද්ධාධීකරණ දෙක කල් තබයි
ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව නගා ඇති චෝදනා විමසීමට පත්කර ඇති යුද්ධාධීකරණ දෙක අද (6) නාවික හමුදා මුලස්ථානයේ දී නැවත කල්තබන ලදි.
ජෙනරාල් සරත් ෆොන්සේකා සක්‍රීය හමුදා සේවයේ නියුතුව සිටියදී දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නගා ඇති චෝදනා විභාග කිරීමට මේජර් ජෙනරාල් එම්.එල්. වීරතුංගගේ සභාපතිත්වයෙන් වූ පළමු යුද්ධාධිකරණය මාර්තු 16 දින පැවැත්වූ අතර, එය අද (අප්‍රේල් 06)දිනට කල්තබන ලදි. මේජර් ජෙනරාල් ඒ.එල්.ආර්. විජේතුංග සහ මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ.බී. ජයතිලක එම පළමු යුද්ධාධිකරණයේ සෙසු සාමාජිකයන් විය. මෙම පළමු යුද්ධාධිකරණය නැවත රැස්වීම 2010 මැයි මස 05 වන දින තෙක් කල්තබන ලදි.
යුද හමුදා මිලදීගැනීම් පටිපාටියට පටහැනි සලස සිදුකළ මිලදීගැනීම් සම්බන්ධව ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව නගා තිබූ අනෙක් චෝදනා විභාග කිරීම සඳහා 2010 මාර්තු 17 වන දින රැස්වූ දෙවන යුද්ධාධිකරණය ද අද (6) දින මේජර් ජෙනරාල් එම්.පී. පීරිස්ගේ සභාපතිත්වයෙන් හා මේජර් ජෙනරාල් එස්. දවුලගල සහ මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ යන සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වූහ. මෙම දෙවන යුද්ධාධිකරණය අද (6) දින පස්වරු 2.30 ට ආරම්භ කර පස්වරු 5.00 පමණ තෙක් පැවැත්වූ අතර එය 2010 අප්‍රේල් 9 දින පස්වරු 2.30 දක්වා කල්තබන ලදි.
මෙම යුද්ධාධිකරණ දෙකෙහිම විනිසුරු අධිනීතීඥ ලෙස රියර් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස්. ප්‍රනාන්දු විසින් කටයුතු කරන ලදි.
යුද හමුදාපතිතුමා උතුරේ හමුදා කඳවුරුවල සෙබළුන්ට නව අවුරුද්දට සුභ පතයි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා උතුරු ප්‍රදේශයේ කල සංචාරයේ දෙවන අදියරේ දී අඟහරුවාදා (06) දින වැලිඔය ප්‍රදේශ ආරක්ෂක මූලස්ථානය, 59 වන සේනාංක මූලස්ථානය, 591 වන බලසේනා මූලස්ථානය, 2 වන කාර්ය සාධක බලකා මූලස්ථානය, 68 වන සේනාංක මූලස්ථානය සහ මුතියන්කට්ටුවහි පිහිටි උසස් පාබල පුහුණු පාසල යන ස්ථානවල සංචාරය කොට එම ස්ථානවල සේවයේ නියුතු සොල්දාදුවන් ද හමුවූහ.
අඟහරවාදා දින ලුතිතන් ජෙනරාල් ජයසූරිය වැලිඔය ප්‍රාදේශීය ආරක්ෂක මූලස්ථානය වෙත පැමිණි අතර ඔහු පිළිගනු ලැබුවේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අතුල ජයවර්ධන විසිනි. එහි දී එම මූලස්ථානයේ සෙබලුන් විසින් යුද හමුදාපතිතුමා වෙත විශේෂ සම්මාන මුරයක් ද පිරිනැමීය.
අනතුරුව, පැරණි මුලතිව් යුද හමුදා කඳවුරු භූමියේ ඉදි කර තිබූ 59 වන සේනාංක මූලස්ථානයට අයත් 591 වන බල සේනා මූලස්ථානෙය් නව කාර්යාල සංකීර්ණය යුද හමුදාපතිතුමා අතින් අඟහරුවාදා (06) පෙරවරුවේදී විවෘත කෙරිණි. 1971 ජූලි මස 02 වන දින දෙවන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කඳවුරක් ලෙස මුලතිව් කඳවුර ස්ථාපිත කළ අතර, 1996 දී ත්‍රස්තවාදීන් අතට මෙම කඳවුර පත්වූහ. නැවත 2009 වසරේ යුද හමුදාව විසින් මුලතිව් කඳවුර වන්නි මෙහෙයුම් ක්‍රියාන්විතයේ දී අත්පත් කර ගන්නා ලදහ. හමුදාමය වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන මෙම ස්ථානයට පැමිණි යුද හමුදාපතිතුමා, 591 බල සේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එස්. ආරියසිංහ විසින් පිළිගත් අතර, 591 බල සේනාවේ සෙබලුන් විසින් යුද හමුදාපතිතුමා වෙත සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් පිළිගන්වන ලදි.
ඉන් පැය කිහිපයකට පසු මුලතිව්හි පිහිටා ඇති දෙවන කාර්ය සාධක බලකා මූලස්ථානයට යුද හමුදාපතිතුමා පැමිණි අතර, එහි දී ද සම්මාන මුරයක් පිරිනැමූහ. අනතුරුව, 68 වන සේනාංක මූලස්ථානය වෙත ගිය ලුතිතන් ජෙනරාල් ජයසූරිය එම සේනාංකයේ සෙබලුන් අමතා ප්‍රකාශ කළේ පොදුවේ සියලුම සෙබලුන්ට නව අවුරුද්ද නිමිත්තෙන් සුභ පැතීමට මෙම සංචාරයන් සිදුකරන බවයි.
දෛනික වැඩසටහෙන් අවසන් අදියරේ දී මුතියන්කට්ටුව ප්‍රදේශයේ පිහිටි උසස් පාබල පුහුණු පාසලේ ද සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය එහි සියලු නිළයින් සමග එක්ව දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. තවද පුහුණුවීම්වල නියුතු සෙබලුන් ද හමුවූ අතර, එම පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ආර්.ඒ.ඩී.පී. රණවක විසින් යුද හමුදාපතිතුමා පිළිගෙන එම විදුහල් පරිශ්‍රය නැරඹීමට කැඳවාගෙන ගියහ. |