එල්ටීටීඊ මයික්‍රෝ පිස්තෝලයක් සොයාගත් උපකරණ අතර
උතුරඃ හමුදා භට පිරිස් විසින් ආන්දම්කුලම් සහ ඉරණපලෙයි ප්‍රදේශවල ඉරිදා (04) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලනාශක බෝම්බ 01 ක්, එකක වෙල්ඩින්කූරු 14 බැගින් අඩංගු පෙට්ටි 05 ක්, කුඩා වෙල්ඩින්කූරු 35 ක්, වෙල්ඩින් යන්ත්‍ර 06 ක්, විදුම් යන්ත්‍ර පෙට්ටි 10 ක් සහ ඉස්කුරුප්පු නියන් 200 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 35 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 04 ක් එදිනම (04) පෙරියපන්ඩිවිරිච්චාන් සහ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් නැෙඟනහිර, පොරතිව් ප්‍රදේශයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 01 ක්, මැගසින සහිත ටී - 56 ගිනි අවි 02 ක් සහ ටී - 56 පතරොම් 60 ක් එදිනම (04) සොයාගෙන ඇත.
අනුරාධපුර රන් කැකුළු පෙර පාසල් දරුවන්ගේ නව අවුරුදු කුසලතා ප්‍රදර්ශණය කෙරේ
යුද හමුදා සේවා වනිතා ශාඛාව මඟින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර රන් කැකුළු පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල එම පෙර පාසල් ක්‍රීඩාංගනයේ දි 2010 මාර්තු 20 වන දින පැවැත්විනි.
මෙහි ප්‍ර්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය සහභාගී වූවාය.
පෙර පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කරනු වස් මෙය සංවිධානය කෙරිනි. පාපැදි තරඟ, බාධක තරණය, විවිධ ඇඳුම් තරඟය, කණ්ඩායම් තරඟ හා සරඹ සංදර්ශන ඇතුළු විශිෂ්ට හා විනෝදාත්මක විශේෂාංග මෙම අවස්ථාවට එක් කොට තිබිණ. මෙහි ජයග්‍රාහකයින් සඳහා විශේෂ ත්‍යාග ද පිරිනැමීය. එසේම මෙම ක්‍රීඩා උළලේදී ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ විවිධ විනෝදජනක ක්‍රියා මෙම ක්‍රීඩා උළෙල රසවත් කලේය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, චිත්‍රානී ගුණරත්න, සේවා වනිතා යුද හමුදා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, පෙර පාසල් ගුරුවරියන්, සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් හා යුද හමුදා නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ ජාතික රෝහලේ උරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ජෙනරාල් සරත් ෆොන්සේකා පරීක්ෂා කරයි
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශිත කරුණු සැළකිල්ලට ගෙන කොළඹ ජාතික රෝහලේ උරස් රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු සඳුදා (05) උදෑසන ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂාවට ලක්කළේය. මේ විශේෂඥ වෛද්‍යවරයා පැමිණෙනවිට නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයෙකු හා ජෙනරාල් සරත් ෆොන්සේකා හට දෛනික ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් ද සහභාගි වූහ.
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය හා අනෙක් ප්‍රකාශකයන් පැවසු කරුණු අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේය. එම විශේෂඥ පරීක්ෂණ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්වෙය් කිසිදු වෙනස්වීමක් සිදුව නොමැති බව ඔහු නිගමනය කර ඇති අතර, සාමාන්‍ය පරිදි භාවිතා කරන ඖෂධ අඛණ්ඩව පාවිච්චිකළ හැකි බවට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත. තවද අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තිබූ සෞඛ්‍ය තත්වයේ කිසිදු වෙනසක් මේ වන විට සිදුවී නොමැති බව වෛද්‍යවරුන් සනාථකර ඇත.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව පරීක්ෂාවට ලක්කරන ලෙස මීට දින කිහිපයකට ඉහත දී අනෝමා ෙෆාන්සේකා මහත්මිය විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් සිදුකළාය.
ජෙනරාල් සරත් ෆොන්සේකාට ලබාදී ඇති වෛද්‍ය සේවාවන් පිළිබඳ දිගින් දිගටම කරන්නාවු පදනමක් නැති ප්‍රකාශ පිළිබඳ යුද හමුදාව බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, මෙවැනි ප්‍රකාශ මගින් නාවික හමුදා වෛද්‍යවරුන් ද හෑල්ලුවට ලක්කිරීම වලක්වන ලෙස යුද හමුදාව ඉල්ලීම් කරයි. (නිමාව)
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා යවන පිරිස 5000 ක පිරිසක් වැඩිකිරීමට සැලසුම් කොට ඇති බව යුද හමුදාපති පවසයි.
‘එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මේ වන විට 900 ක පමණ පිරිසක් ගොස් ඇති අතර ඉදිරියේ යුද හමුදාවේ එම ප්‍රමාණය 5000 ක් දක්වා වැඩිකිරීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් ලැබී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය භටපිරිස් හා තාක්ෂණික අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දුන් වහාම අපේ භටපිරිස් ඒ සඳහා යවනවා’ යැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මාන්කුලම්හි 3 වන කාර්යය සාධක බලකා මූලස්ථානයේදී සෙබලුන් අමතමින් අද (05) පෙරවරුවේ එසේ පැවසීය.
යුද හමුදාපතිතුමා සඳුදා දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ඇතුලු මාන්කුලම් 3 වන කාර්යය සාධක බලකා මූලස්ථානය, කිලිනොච්චිහි පිහිටා ඇති 57 වන සේනාංක මූලස්ථානය, 58 වන සේනාංක මූලස්ථානය, තුනුක්කායිහි පිහිටි 65 වන සේනාංක මූලස්ථානය හා පුනරීන්හි පිහිටි 66 වන සේනාංක මූලස්ථානය යන මූලස්ථානවල කළ සංචාරයේදී යුද හමුදා නිළධාරීන් හා සෙසු නිළයින් මුණ ගැසුනු අතර, එම ප්‍රදේශවල සේවය කරන යුද හමුදා නිළධාරීන් හා සෙබලුන්ද හමුවූහ.
මාන්කුලම්හි සංචාරයේ යෙදුනු යුද හමුදාපතිතුමා පිළිගනු ලැබුවේ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන රාජගුරු හා 3 වන කාර්යය සාධක බලකා ආඥාපති බ්‍රිගේඩ්යර් ආර්. ඒ. නුගේරා විසිනි. හමුදා සම්ප්‍රදායන්ට අනුව 3 වන කාර්යය සාධක බලකා මූලස්ථානයේදී යුද හමුදාපතිතුමා හට සම්මාන මුරයක්ද පිරිනැමීය. එහිදී 1500 ක් පමණ වන සෙබලුන් පිරිසක් ඇමතූ ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඔහු යටතේ සිටින යුද හමුදාවට හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට කටයුතු කරන බව පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ මෙම ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා පැමිණෙන සොල්දාදුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල නවාතැන් පහසුව සඳහා උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නිවාඩු නිකේතන ඉදිකරන බවයි. ඒ සඳහා යාල, ත්‍රිකුණාමලය හා මඩකලපුව ආදි ප්‍රදේශවල යෝජිත ඉඩම් වෙන්කොට ඇති බැවින් ඒවායේ ඉදිකිරීම් සිදුකරන බැව් දැන්වීය.
“යුද හමුදාව උතුරු වසන්තය සංවර්ධන වැඩසටහන යටතේ දිවා රෑ නොතකා යුද හමුදා ඉංජිනේරු සෙබලුන් හා අෙනකුත් ෙසබළුන් වෙහෙස නොබලා කැපවීමෙන් ක්‍රියාකිරීම පිළිබද තමා ඔවුන්ට ප්‍රශංසා කරන බව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මා සමග පැවසුවා. මව්බිම සංවර්ධනය කිරීමේදී ඒ සඳහා යොදවා ඇති විශාල යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ක්‍රියාකරවීමට සෙබලුන් යෙදවීමෙන් විශිෂ්ට හා කාර්යක්ෂමතාවයක් ඇතිව ඵලදායී අයුරින් එම කටයුතු සිදුවන බව අතිගරු ජනාධිපතිතුමා ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසුවා” යැයි ද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
සෙබලුන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩිකිරීමට කටයුතු කරන අතරම, උතුරු ප්‍රදේශයේ රාජකාරි සඳහා යන හා එන සෙබලුන්ට ගමන් ප්‍රවේශපත් සඳහා වැයවන මුදල් ආපසු ලබාදීම සිදුකරන බව පැවසීය.
උතුරු ප්‍රදේශයේ සියලු සේනාංක මූලස්ථානවල සඳුදා (05) සංචාරය කල යුද හමුදාපතිතුමා සොල්දාදුවන් 6000 දෙනෙකු පමණ හමුවූහ. ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා අඟහරුවාදා (06) ද ඔහුගේ සංචාරය දියත් කිරීමට නියමිතය.
|