තර්මෝබැරික් අවියක් සොයා ගැනේ.
උතුර සහ නැඟෙනහිර: යුද හමුදා සෙබළුන් විසින් සඳුදා (22) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් වෙල්ලරසින්නකුලම්, අරියාෙලයි, කරවෙඩ්ඩි, පෙරියපන්ඩිවිරිච්චාන්, පෙරයමඩු,. නාච්චිකුලම්, පාලම්පිඩ්ඩි, චෙට්ටියාර්මාකන්, අක්කරයාන්කුලම්, කොරක්කන්කාඩු, අම්පකාමම්, මුලාවේලි හා කුමලමුනෙයි යන ප්‍රදේශවල තිබී තර්මෝබැරික් අවියක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 21 ක්, ක්ලේමෝ බෝම්බ 02 ක්, ආර්පීජී බෝම්බ 42 ක්, පුද්ගලනාශක බෝම්බ 41ක්, අත් බෝම්බ 03 ක්, රැන්ගන් වර්ගයේ පුද්ගලනාශක බෝම්බයක්, විදුලි බෝම්බ 01 ක් ආර්පීජී චාජර 22 ක්, මිමී 60 මෝටාර් බෝම්බ විදිනයක්, මිමී 40 මෝටාර් බෝම්බ විදින 02ක්, මිමී 60 මෝටාර් බෝම්බ විලායකයන් 06ක් සහ ජිපීඑම්ජී පතුරම් 2000ක් සොයා ගෙන ඇත.
ඕමන්තේ මුරපොලේ පිහිටි ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටුවේ දී වාහන පරීක්ෂාවේ යෙදුණු භට පිරිස් විසින් වාහනයක තිබී ටී-56 පතරොම් 269ක් හා චීනයේ නිෂ්පාදිත කූඩාරම් ඉදි කිරීමට යොදා ගන්නා කූඩාරම් ආවරණයක් එදිනම (22) සොයා ගත්හ. |