බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ රැසක් සොයා ගනී
උතුර : යුද හමුදා සෙබළු නන්දිකඩාල්, තිරුකේතීෂ්වරම්, ඉරණමඩු, නොච්චියාගම සහ කොකාවිල් යන ප්‍රදේශවල බදාදා (10) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් එල්ටීටීඊ අත් බෝම්බ 02 ක්, පුපුරා නොගිය මරඋගුල් 03 ක්, පාවිච්චියට ගත නොහැකි ‘ආගස්’ වර්ගයේ අත්බෝම්බ 01 ක්, මිමී 7.62 x 39 පතරොම් 13 ක්, මිමී 12.7 පතරොම් 01 ක්, මිමී 7.62 x 54 පතරොම් 01 ක් හා මිමී 40 බෝම්බ විදින 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 65 ක් පෙරියතම්පනේ, සින්නපන්ඩිවිරිච්චාන්, පාලම්පිඩ්ඩි, නොච්චිකුලම් සහ චෙට්ටියාකරන් යන ප්‍රදේශවල තිබී එදිනම (10) සොයාගෙන තිබේ.
යාපනයේ ආරක්ෂක අංශ විසින් සංවිධානය කල මැරතන් ධාවන තරගයට 7200 ක ක්‍රීඩකයින් පිරිසක්
යාපනය අර්ධද්වීපයේ පසුගිය වසර ගණනාවක පැවැති කොටි ක්‍රියාකාරකම් අවසන්වීමෙන් පසු අඩපන වී තිබූ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත යථාතත්‍වයට ගෙන ඒම සදහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන කැප වී සිටි.
නෙස්ලේ ආයතනය මගින් පසුගිය සති අන්තයේ සංවිධානය කල මැරතන් ධාවන තරගයක් මුළු යාපනය ප්‍රදේශයම නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7200කගේ පමණ සහභාගිත්වයෙන් යාපනය නගර මධ්‍යයේ දී පැවැත්විනි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ මෙයෙහවීමෙන් නෙස්ලේ ආයතනය සමග එක් ව දශක දෙකකට පසු මෙවැන් සුවිශාල වැඩසටහනක් සංවිධානය කොට ඇත. මේජර් ජෙනරල් හතුරුසිංහ මහතාගේ සංඥාවෙන් හා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කල මෙම ධාවන තරගයේ මුළු දුර කි.මී 10 කි. මෙම තරගය සදහා සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු සියළු තරගකරුවන්ට නෙස්ලේ ආයතනය මගින් ටී ෂර්ට් සහ නෙස්ටමෝල්ට් පාර්සලය බැගින් ද ජයග්‍ර්‍රාහකයින්ට වටිනා ත්‍යාග සහ ජය සංකේත ද මේජර් ජෙනරල් හතුරුසිංහ සහ නෙස්ලේ ආරාධිත අමුත්තන් විසින් තිළිණ කලහ.
මෙම ත්‍යාග සහ ජයසංකේත ප්‍රදානයෙන් අනතුරුව කර්නල් බී සී ජේ එෆ් රොද්‍රිගෝගේ අධීක්ෂණය යටතේ යුද හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම විසින් සංදර්ශනයක් ද පැවැත්විය.
දිනයේ අවසාන අදියර යටතේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේ දී යාපනයේ දහස් ගණන් තරුණ පිරිස් හා එක්ව සංගීත සංදර්ශනයක් ද පැවැත්විනි. උතුර, දකුණ යා කෙරෙමින් දමිළ සහ සිංහල ගායක ගායිකාවන් රැසක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් හා එක් ව කල සංගීත සංදර්ශනය යාපනය ගුවන් තලය පුරා විසිරුණි. යුද හමුදා සෙබළුන්ගේ මහත් කැප කිරීමෙන් සිදු කල මෙම කර්තව්‍යයට ආරක්ෂාව සපයමින් පොලීසිය ද නොමද සහයෝගයක් ලබා දුන්හ.
|