හමුදාව ප්‍රදේශ රැසකින් යුද උපකරණ සොයා ගනී
වන්නි, උතුර සහ නැඟෙනහිර : යුද හමුදා සෙබළු මූන්දම්පිඩ්ඩි, අඩම්පන්, මුරුසුමඩු, අනිචියන්කුලම් සහ වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල අඟහරුවාදා (09) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මිමී 60 මෝටාර් බෝම්බ 26ක්, ආර්පීජී බෝම්බ 28ක්, අරුල් වර්ගයේ බෝම්බ 07ක්, අත් බෝම්බ 06ක්, ක්ලේමෝ බෝම්බ 02ක්, රැන්ගන් 99 වර්ගයේ පුද්ගලනාශක බෝම්බයක්, ආර්පීජී චාජර 05ක්, මිමී 7.62 x 39 වර්ගයේ පතරොම් 750ක්, මිමී 31 පතරොම් 25ක්,ආර්පීජී විලායකයන් (ෆියුස්) 08ක්, ටී-56 ගිනි අවියක්, ඒකේ-47 ගිනි අවියක්, හානියට පත් වූ ටී-56 ගිනි අවියක්, අයි-කොම් සන්නිවේදන උපකරණ කට්ටල 04ක් සහ මිමී 12.7 පතරොම් අඩංගු පෙට්ටි 04ක් (එක පෙට්ටියක පතරොම් 85 බැගින්) සොයා ගැනීමට සමත් වූහ.
මේ අතර, නැඟෙනහිර කළ සෝදිසියක දී පේරාරු ප්‍රදේශයේ තිබී හමුදා භට පිරිස් විසින් අත් බෝම්බ 07ක්, ක්ලේමෝ බෝම්බයක්, මිමී 40 උණ්ඩ 02ක්, විදුලි ඩෙටනේටරයක් හා අතේ ගෙන යා හැකි සන්නිවේදන උපකරණ කට්ටලයක් එදිනම (09) සොයා ගෙන ඇත.
"රට වෙනුවෙන් අපි සංව්ධානය" ෙදපා සැත්කමි වලට භාජනය කරන ලද සෙබළුන් වෙනුවෙන් මේස් නිෂ්‍පාදනය කරන (නිටින් මැෂින්) යන්ත්‍රයක් මිල දී ගැනීමට රණවිරු සෙවණට මුදල් පරිත්‍යාග කරයි
යුද බිමේ දී රට වෙනුවෙන් විවිධ අයුරින් කැපකිරීම් සිදු කොට ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් එක්සත් රාජධානිය කේන්ද්‍ර කොට ගත් රට වෙනුවෙන් අපි සංවිධානය රාගම රණවිරු සෙවණේ පැවැති "ප්‍රතිභා දැක්මේ" දී (ටැලන්ට් ෂෝ) තම සද්‍කාරය ආබාධිත සෙබළුන් වෙනුවෙන් පිරිනමා ඇත.
"රට වෙනුවෙන් අපි සංවිධානය" වෙනුවෙන් කාන්ති සිල්වා මහත්මිය පසුගිය සති අන්තයේ දී දෙපා සැත්කම් වලට භාජනය කරන ලද සෙබළුන් වෙනුවෙන් මේස් නිෂ්‍පාදනය කරන (නිටින් මැෂින්) යන්ත්‍රයක් රණවිරු සෙවණට මිල දී ගැනීමට පව්ම් 6500 ක (රුපියල් මිලියන 1.1) මුදලක් සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය වෙත ප්‍රදානය කලාය. මෙම ප්‍රදානය යන්ත්‍රයේ මුළු වටිනාකමින් අඩකට සමානය. මෙය මාස කිහිපයකට පෙර එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කල හිටපු ආරක්ෂක උපදේශකගේ මග පෙන්වීමක් අනුව ක්‍රියාවට නැගූණු පරිත්‍යාගයක් වශයෙන් හැදින්විය හැකිය. |