එල්ටීටීඊය සැඟවූ බෝම්බ රැසක් සොයා ගනි
උතුර සහ දකුණ : යුද හමුදා සෙබළු ඉරිදා (07) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් වරනි, නදන්කණ්ඩාල්, පරන්තන්, ඉරණමඩු සහ මුල්ලිකුලම් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 04ක්, ක්ලේමෝ බෝම්බ 02ක්, ආර්පීජී බෝම්බයක්, මිමී 7.62 x 39 වර්ගයේ පතරොම් 60ක්, ටී-56 ගිනි අවියක් සහ ටී-56 මැගසීන් 02ක් සොයා ගැනීමට සමත් වූහ.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුලියන්කුලම්, මඩු පාර, පාලම්පිඩ්ඩි, කිලිනොච්චි සහ අඩම්පන් ආදි ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 67ක්, අත් බෝම්බ 14ක්, ආර්පීජී බෝම්බ 05ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02ක්, මිමී 81 මෝටාර් බෝම්බයක්, 120 මෝටාර් බෝම්බයක්, මිමී 7.62 x 39 වර්ගයේ පතරොම් 160ක්, මිමී ටී-56 ගිනි අවි 02ක් හා ටී-56 මැගසීන් 06ක් එදිනම (07) සොයා ගත්හ.
කිරිඳිවැල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත එදිනම (07) අත් බෝම්බයක් එම ප්‍රදේශයේ තිබී සොයා ගෙන ඇත.
උතුරු - නැෙඟනහිර ජන ජීවිතය නැංවීමට යුද හමුදාවේ සහයෝගය තවදුරටත්
කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු නැවත පදිංචි කළ ජනතාවගේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම යුද හමුදාව විසින් තවදුරටත් සිදු කරමින් සිටියි. ඒ අනුව නැඟෙනහිර 234 වන බලසේනා මුලස්ථානය යටතේ ඇති 12 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකය විසින් 2010 පෙබරවාරි 26 වන දින මිච්චිනගර් පෙර පාසලේ දරු දැරියන් 20 දෙනෙකු හට පොත් පාර්සල් බෙදාදීමක් සිදු කරන ලදි. තවද එම ඒකකයම 2010 මාර්තු 01 වන දින කළුවන්කර්නි ගම්මානයේ ජනතාවට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව යුද හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරියෙකුගේ සහයෝගය ලබාගෙන පැයක අගනා දේශනයක් ලබාදුන් අතර, ඒ සඳහා ගම්වාසීන් රැසක් සහ යුද හමුදා සෙබළු පිරිසක් සහභාගි වූහ.
එදිනම (01) කින්නිඅඩි බස් නැවතුම්පොළ ද ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව මෙම ඒකකයේම නිළධාරීන් හා සෙසුනිළයින් විසින් ශුද්ධ පවිත්‍ර කළහ. කල්ලඩි ධීවර සමිතියේ ඉල්ලීම පරිදි ධීවරයින්ට අත්‍යවශ්‍ය රු.168,000ක් වටිනා බින්ක් ලයිට් සවි කිරීමක් ද සිදු කලහ.
234 වන බල සේනා මුලස්ථානය විසින් මඩකලපුව ගුරු පුහුණු විද්‍යාලයේ පුස්තකාලය වෙත 2010 මාර්තු 02 වන දින ඉතා වටිනා පොත් තොගයක් බෙදාදීමේ උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාවට යුද හමුදා නිළධාරීන්, එම ගුරු පුහුණු විද්‍යාලයේ අභ්‍යාසලාභීන් ඇතුළු පිරිසක් එක්වූහ. එම බල සේනා මුලස්ථානය යටතේ පාලනය වන 17 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය විසින් 2010 මාර්තු 03 දින මඩකලපුව, කරදියනාරු මහා විද්‍යාල භූමිය අවට හා 18 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකය කිරාන්කුලම් මහා විද්‍යාල භූමිය ශ්‍රමදානයන් මඟින් පිරිසිදු කිරීම යුද හමුදා සෙබළුන්ගේ දායකත්වයෙන් සිදු කලහ. මේ සඳහා ද යුද හමුදාව වෙත ප්‍රදේශවාසින්ගේ දායකත්වය නොමඳව ලැබුණි.
233 වන බල සේනා මුලස්ථානය යටතේ වන 02 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකක බල ප්‍රදේශයට අයත් මාර්කර්නිහි පිහිටා ඇති කිරි මණ්ඩලය අවට ප්‍රදේශය 2010 මාර්තු 04 වන දින යුද හමුදා සෙබළුන් හා සිවිල් වැසියන් එක්ව ශ්‍රමදානයන් මඟින් පිරිසිදු කොට පිළිසකර කරන ලදී.
ආබාධිත රණ විරුවන් වෙනුවෙන් බැංකු සේවක පිරිස යුද හමුදා රෝහලට අත්වාරු පිරිනමයි
මහජන වෙළඳ බැංකු (පීපල්ස් මර්චන්ට් බැංකුව) සේවක පිරිස හා එහි කළමණාකාරිත්වය යුද්ධයේදී ආබාධයන්ට ලක්වු රණවිරුවන් වෙනුවෙන් අත්වාරු යුගල 100 ක් යුද හමුදා රෝහලට සිකුරාදා (05) පිරිණැමීය.
මෙම බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂක අනුර වික්‍රමසිංහ, ව්‍යාපාර සංවර්ධන කළමණාකාර ජීවන කුමාරසිරි හා මානව සම්පත් කළමණාකාර ගාමිණි ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෝ පිරිසක් රුපියල් ලක්ෂ දෙකකට අධික මෙම අත්වාරු තොගය නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පැවැති චාම් උත්සවයකදී යුදහමුදා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි මංජුලිකා ජයසුරිය මහත්මිය වෙත බාරදෙන ලදි.
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සිදු කළ මෙම උතුම් පරිත්‍යාගය සම්බන්ධව මහජන වෙළඳ බැංකු කළමණාකාරිත්වයට මංජුලිකා ජයසුරිය මහත්මිය සිය ස්තුතිය පුදකලාය.
ගැමුණු හේවා බලකායේ රණවිරුවෙකු නව නිවසක් ලබයි
ගැමුණු හේවා රජිමේන්තුවේ ඉල්ලීම මත මොබිටෙල් සමාගම, ආබාධිත රණවිරුවෙකුට නිවසක් ඉදි කිරීමට පියවර ගෙන ඇත. මානුෂීය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත්වූ 9 වන ගැමුණැහේවා බලකායේ කෝප්‍රල් වයිජේ නන්ද කුමාර වෙත ඔහු සතු ඉඩමේ නිවසක් ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙසේ ලබාදීමට මොබිටෙල් සමාගම ඉදිරිපත් වී ඇත.
ගැමුණුහේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්.බී.ආර්. මාර්ක් සහ එම මැතිණිය සමග මොබිටෙල් සමාගම වෙනුවෙන් විශ්‍රාමික කර්නල් ලංකාදේව මෙම නව නිවසට ගිය සතියේ මුල්ගල් තැබීය. පළමු පස්පිඩ ගාල්ල ප්‍රදේශ මූලස්ථාන ආඥාපති බ්‍රිගේඩියර් පී.යූ.එස්. විතානගේ ගේ දෑතින් කපන ලදි.
මෙම අවස්ථාවට ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකයන් හා යුද හමුදා නිළධාරින් සහභාගි විය. |