තවත් මෝටාර් බෝම්බයක් සොයාගනියි
උතුර සහ නැඟෙනහිර : යුද හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (04) දින පුදුකුඩිඉරිප්පු හා අනුරාධපුරය යන ප්‍රදේශවල දියත් කළ සෝදිසි මෙහෙයුම්වලින් මි.මී. 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් විලායකයන් (ෆියුස්) 02 ක්, පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ මර උගුල් 48 ක් සහ අත් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
මේ අතර නැඟෙනහිර පළාතේ මඩකලපුව, කල්ලාර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලනාශක බෝම්බයක් එදිනම (04) සොයාගෙන තිබේ.
මාසයක් පුරා පැවැති අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලිය සාර්ථකව නිමවේ
ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලිය මෙවරත් 2010 පෙබරවාරි 01 වන දින සිට 2010 මාර්තු 03 දින දක්වා පුරා මාසයක කාලයක් යුද හමුදා ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි. එයට අන්තර් රෙජිමේන්තු පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගි වු අතර පිරිමි කණ්ඩායම් ඒ හා බී ලෙස තරඟ කරන ලදි. පිලිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති තරඟ සඳහා පිරිමි තරඟ 36 ක් හා කාන්තා තරඟ 12 ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, යුද හමුදා පොදුසේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, යුද හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව හා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කණ්ඩායම් මේ සඳහා සහභාගි වුහ.
එහිදී පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය විසින් ද කාන්තා ශූරතාව 03 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් ද දිනා ගන්නා ලදි.
බදාදා (03) පස්වරුවේ පැවති අවසන් තරඟය නැරඹීමට දහසකුත් කර්තව්‍යයන් මධ්‍යයේ සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා ජයග්‍රාහකයින්ට හිමි කුසලාන පිරිනැමීය. එම අවස්ථාවට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, සෙසු නිළයින් හා තරඟකරුවන් රැසක් සහභාගි වූ අතර, තරඟාවලිය උත්සවාකාරයෙන් සාර්ථකව නිම කිරීමට හැකිවිය.
ස්වෙච්ඡා බලසේනාවේ නව සේනා විධායක එම බලසේනා මූලස්ථානයේ දී පිළිගැනේ
ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනා විධායක මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ.බී. ජයතිලක වෙත ස්වෙච්ඡා බලසේනාවේ සෙබළුන් විසින් සම්මාන ආචාර මුරයක් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම බලසේනා මූලස්ථානයේ දී සිකුරාදා (05) දින පෙරවරුවේ දී පිරිනැමීය.
මේජර් ජෙනරාල් ජයතිලක පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනා විධායක මේජර් ජෙනරාල් ඒ.සී. ඔබේසේකර විසිනි. නව සේනා විධායක විසින් මුර පරික්ෂාව හා සම්මාන මුරය පිළිගත්හ.
පසුව, නව සේනා විධායක විසින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ දී ස්වෙච්ඡා බලසේනාවේ නිළධාරීන් හා සෙසු නිළයින් ඇමතූ අතර, පසුව ප්‍රධාන දොරටුව අසල නාම පුවරුව ද විවෘත කළේය. අනතුරුව නව සේනා විධායක තේ පැන් සංග්‍රහයකට ද එක් වූහ.
රණ අරුණ උදානය - 2010 නව අවුරුදු වෙළඳපොල මෙවරත්
සේවා වනිතා යුද හමුදා ශාඛාව මඟින් වාර්ෂිකව සංවිධානය කරන “රණ අරුණ උදානය - 2010” නව අවුරුදු වෙළඳපොල මෙවරත් 2010 අප්‍රේල් මස 02 හා 03 යන දිනයන්හි පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පනාගොඩ පිහිට් යුද හමුදා පෙර පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සූදානම් කොට ඇත.
උත්සව සමයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි, විදුලි උපාංග, තෑගි භාණ්ඩ සහ තවත් නොයෙක් ද්‍රව්‍යයන් පහසු මිලට මෙහි දී ලබා ගැනීමට අවකාශ සැලසේ. ළමා උද්‍යානයක්, විනෝද ක්‍රීඩා, යුද හමුදා සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන සංගීත සංදර්ශන මෙම ස්ථානයේ දී භුක්ති විඳීමට හැක.
සේවා වනිතා යුද හමුදා ශාඛාව, මෙම වෙළඳපොලෙන් ලැබෙනා ලාභ දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා යෙදවීමට බලාපොරොත්තු වේ. |