මිමී 152 කාලතුවක්කු උණ්ඩ, අත් බොම්‍බ සහ මෝටාර් බෝම්‍බ සොයාගැනේ
වන්නි සහ නැගෙනහිර : හමුදා භට පිරිස් ඉරනමඩු, විශ්වමඩු, පුතුකුඩිඉරිප්පු, වෙල්‍ලමුල්‍ලිවයික්‍කාල්, කන්දමලෙයි සහ මඩකලපුව ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්‍වලදී ටී-56 ගිනිඅවි 01 ක්, ටී-56 පතරොම් 1006 ක්, මිමී 81 මෝටාර් බෝම්‍බ යොදා සකස් කරන ලද මර උගුල් 03 ක්, මිමී 81 මෝටාර් බෝම්‍බ 02 ක්, අත් බෝම්‍බ 68 ක්, මිමී 60 මෝටාර් බෝම්‍බ 72 ක්, මිමී 60 මෝටාර් චාර්ජර 13 ක්, කි.ග්‍රෑ 2 ක් පමණ බර ක්ලේමෝ බෝම්බ 02 ක්, ආර්පීජී බෝම්බ 04 ක්, මිමී 152 කාලතුවක්කු උණ්ඩ 02 ක්, මිමී 40 බෝම්‍බ විදින සඳහා භාවිතා කරන කාට්‍රිජ 01 ක් සහ මර උගුල් 14 ක් සඳුදා (28) දිනය තුළ සොයා ගෙන ඇත.
ෙම් අතර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මනල්පුඩිතිව් සහ මුන්ඩිමුරිප්පු ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්‍වලදී ටී-56 ගිනිඅවි 02 ක්, එම මැගසින් 04 ක්, ටී-56 පතරොම් 120 ක් සහ අත් බෝම්‍බ 06 ක් සොයාගෙන ඇත. |