සෝදිසි මෙහෙයුම් මගින් නියමුවන් රහිත ගුවන් යානා කොටස් සොයා ගැනේ
වන්නි: හමුදා භට පිරිස් කප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් නියමුවන් රහිත ගුවන් යානයක (CI 307 UAV) එන්ජිම, තටු 02 ක්, ඉදිරිපස රෝද 02 ක්, කුඩා පසුපස රෝදයක්, යානයට සවි කරන කැමරාවක කොටිස් 03 ක්, පුහුණු වීම් බෝම්‍බ 03 ක්, ප්‍රහාරක බෝම්‍බ 03 ක්, විනාශ වූ එවන් යානයක කොටස් අඩංගු මළු 04 ක්, ඔක්සිජන් සිලින්ඩරයක් සහ ගුවන් යානා එන්ජිමක් ඉරිදා (27) දිනය තුළ සොයා ගනු ලැබ ඇත.
එමෙන්ම, යුද හමුදාව කිලිනොච්චි, විශ්වමඩු, පුතුකුඩිඉරිප්පු, වෙල්‍ලමුල්‍ලිවයික්‍කාල්, අම්‍පකාමම්, වැලිඔය හා වදොරමුල්ල යන ප්‍රදේශවල තිබී මිමී 81 මෝටාර් බෝම්බ 02ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, එකක් කි.ග්‍රෑ 1.5 ක් බර ක්ලේමෝ බෝම්බ 10 ක්, කි.ග්‍රෑ 5 ක් බර ක්ලේමෝ බෝම්බ 01 ක්, කි.ග්‍රෑ 2.5 ක් බර ක්ලේමෝ බෝම්බ 01 ක්, මිමී 82 මෝටාර් බෝම්බ 05ක්, මිමී 60 මෝටාර් බෝම්බ 14 ක්, ටී-56 ගිනිඅවි 04 ක්, මැගසීන් 26 ක්, අත් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ සඳහා යොදා ගන්නා විලායක 130 ක්, විදුලි ඩෙටනේටර 18 ක්, ආර්පීජී බෝම්බ 01 ක්, මර උගුල් 01 ක්, ෂොට් ගන් 02 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ ජීපීඑස් උපකරණ 01 ක් ඉරිදා (27) දින සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් සොයාගෙන ඇත.
ෙම් අතර යුද හමුදාව ලද තොරතුරක් මත එදිනම (27) ගම්‍පහ, සපුගස්තැන්න ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පාළු ළිඳක සඟවා තිබූ මිමී 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත. |