යුද සිතියම්, ගුවන් ඡායාරූප රැසක් විශ්වමඩු ප්‍රදේශයෙන් සොයා ගැනේ
වන්නි: යුද හමුදාව කරප්පඩ්ඩිකුලම්, කිලිනොච්චි, මුරුසමොඩෙයි, ආලන්කුලම්, කොකාවිල්, සුගන්ධිපුරම්, කප්පුකුලම්, විශ්වමඩු, උදයාර්කට්ටුකුලම් සහ පුතුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී එම්පීඑම්ජී උණ්ඩ 601ක්, ටී-56 පතරොම් 500ක්, පුද්ගලනාශක බෝම්බ 39ක්, මිමී 81 මෝටාර් බෝම්බ 18ක්, අත් බෝම්බ 16ක්, ආර්පීජී බෝම්බ 08ක්, ක්ලේමෝ බෝම්බ 07ක්, මිමී 60 මෝටාර් බෝම්බ 07ක්, මිමී 82 මෝටාර් බෝම්බ 02ක්, යුද සිතියම් 143ක්, ගුවන් ඡායාරූප 102ක්, ටී-56 ගිනිඅවි 06ක්, ටී-56 මැගසීන් 09ක්, ටී-81 මැගසීනයක්, මිමී 81 මෝටාර් බෝම්බයක් යොදා සැකසූ මර උගුලක්, එම්පීඑම්ජී ගිනිඅවියක බඳ කොටසක්, අසුරා තිබූ සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 37ක්, ආර්පීජී චාජර 02ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩයක්, මිමී 40 උණ්ඩයක්, මීටර 100ක් දිග ඩෙටනේටර වයරයක්, දේශීය නිෂ්පාදිත ගිනිඅවි 04ක්, බැංගලෝර් ටෝපිඩෝ 10ක්, බෝට්ටුවල පිටත සවි කරන එංජින් 03ක්, බඳපටි 02ක් සහ හඳුනා ගැනීමේ ලාංඡනයක් සමඟ කොටි ත්‍රස්තවාදියෙකුගේයැයි සැක කෙරෙන හිස් කබලක් සොයා ගෙන ඇත. මෙම යුද උපකරණ සොයා ගෙන ඇත්තේ බ්‍රහස්පතින්දා (24) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලිනි.
එමෙන්ම, ගුවන් හමුදා සෙබළු පිරිසක් මන්නාරම, මඩු ප්‍රදේශයේ තිබී ටී-56 පතරොම් 850ක් ද එදිනම (24) සොයා ගත්හ. |