ටී-56 ගිනි අවි අනූ එකක් සහ ආර්පීජී විදින දහයක් පොලීසිය විසින් සොයා ගනී
වන්නි: වව්නියාව, ෛවරවපුලියන්කුලම් පනික්කන්කුලම්, උයිලන්කුලම්, මුදලියාර්කුලම්, ආලන්කුලම්, කොකාවිල්,
පුතුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් සහ දිඹුලාන ආදී ප්‍රදේශවල බදාදා (23) දින යුද හමුදා භට පිරිස් සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දි මිමී 82 මෝටාර් බෝම්බ 05ක්, මිමී 60 මෝටාර් බෝම්බ 05ක් පුද්ගලනාශක බෝම්බ 09ක්, අත් බෝම්බ 04ක්, ආර්පීජි බෝම්බ 02ක්, සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 6ක්, මිමී 60 මෝටාර් බෝම්බ යොදා සැකසූ මර උගුලක්, ටී-56 ගිනිඅවි 03ක්, විදුලි ඩෙටනේටර 03ක්, සයනයිඩ් කරල් 03ක්, ටී-56 මැගසින් 11ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගත්හ.
තව ද, නරකමුල්ල ප්‍රදේශයේ වළ දමා තිබු ටී-56 ගිනිඅවි 91ක් හා ආර්පීජි බෝම්බ විදිනයන් 10ක් පොලීසිය විසින් බදාදා (23) සොයා ගත් අතර එදිනම, 234 බල සේනාවේ භට පිරිස් මඩකලපුව නගර සභා රථ ගාලේ වළ දමා තිබූ මිමී 152 කාලතුවක්කු උණ්ඩ 04ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 25ක්, මිමී 60 මෝටාර් බෝම්බ 08ක් ක්ලේමෝ බෝම්බ 08ක් සහ පිපිරවීම් සඳහා යොදා ගන්නා උපකරණ 04ක් ද සොයා ගැනීමට සමත් වූහ. |