ෙකාටින්ගේ පුපුරණද්‍රව්‍ය සහ අවි තවදුරටත් සොයාගැනේ
වන්නි: වටලාසෙවීෙම් ක්‍රියාන්විතයන්හිදී යුදහමුදාව මඟින් පුලියන්පොක්කනෙයි, වෙල්ලමුල්ලිවයික්කාල් සහ පුතුකුඩුඉරිප්පු යන ප්‍රදේශ වලින් 29 වන සඳුදා දිනය තුළ අත් බෝම්‍බ 46 ක්, ආර්පීජී අවි 03ක්, ආර්පීජී බෝම්‍බ 24 ක්, ආර්පීජී චාජර්ස් 08 ක්, ක්‍ලේමෝ බෝම්‍බ 09 ක්, යුදටැංකි නාශක බෝම්‍බ 04 ක්, .50 පතුරොම් 34 ක්, පණිවිඩ හුවමාරු උපකරණ 01 ක්, මරාෙගන මැරෙන ඇඳුම් කට්‍ටල 01 ක්, ටී-56 පතුරොම් 1455 ක්, එම්‍පීඑම්‍ජී පතුරොම් 700 ක්, ටී-56 අවි 07 ක්, මිමී 9 පිස්තෝල 01 ක්, එම මැගසින් 03 ක්, මිමී 60 මෝටාර් බෝම්‍බ 17 ක්, පුද්ගලනාශක බෝම්‍බ 39 ක්, ආරුල් බෝම්‍බ 16 ක්, මිමී 81 මෝටාර් බෝම්‍බ 25 ක්, රිදී පැහැ පුවරු 293 ක්, සහ කොම්‍පාසු 01 ක් සොයාගන්නා ලදි.
ෙම් අතර මඩකලපුව පොලීසිය මගින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කොන්ඩුවාලච්‍චනයි ප්‍රදේශයේ තිබී ටී-56 අවි 04 ක්, ජී 3 අවි 01 ක් සහ සැහැල්ලු මැෂින් තුවක්කු (එල්එම්‍ජී) 01 ක්, එදිනම (29) සොයාගෙන ඇත.
කොටින්ගේ තවත් ටෝපිඩෝ බෝම්‍බ 02 ක් සොයාගනියි
මුලතිව්: අඩි 26 ක් දිගින් සහ අඩී 5 අඟල් 7 ක වටප්‍රමාණයකින් යුත් ටෝපිඩෝ බෝම්‍බ 02 ක්, VIII වන කාර්ය සාධක බලකායට අයත් භට පිරිස් විසින් සඳුදා (29) දින පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදමා තිබියදී සොයාගෙන ඇත. ඒ ආසන්නයේම වලදමා තිබූ දිගින් අඩි 28 ක් සහ වට ප්‍රමාණය අඩි 05 අඟල් 10 ක් වන ටෝපිඩෝ ලෝන්චරය ද සොයාගැනීමට හැකිව ඇත. ස්ථාන 04 ක අඩි 12 ක් පමණ ගැඹුරින් වලදමා තිබූ මෙම ටෝපිඩෝවලින් එකක පුපුරණද්‍රව්‍ය සහිත හිස වෙනමම ගලවා සඟවා තිබී ඇත. එමෙන්ම ඒ ආසන්නයේ වලදමා තිබූ මිමී 130 කාලතුවක්කු අවියක රෝද හැර අනෙක් සියළු කොටස් ද භට පිරිස් විසින් සොයාගනු ලැබ ඇත. ෙමිවා සොයා ගැනීමට හිටපු කොටි සාමාජිකයෙකු ලබා දුන් තොරතුරු උපකාරී විය.
|