හමුදාව විදුලි ඩෙටනේටර 7000කට අධික ප්‍රමාණයක් ඇතුළු යුද අවි රැසක් සොයා ගනී
උතුරු සහ නැඟෙනහිර: යුද හමුදාව දිනපතා දියත් කරන සෝදිසි මෙහෙයුම්වලින් බ්‍රහස්පතින්දා (25) වන විට තවත් යුද උපකරණ රැසක් සොයා ගෙන ඇත. මහිලන්කුලම්, පරන්තන්, ඔළුමඩු, අම්පලවන්පොක්කනෙයි, වෙල්ලමුල්ලිවයික්කාල්, කරයමුල්ලිවයික්කාල්, පුතුකුඩිඉරිප්පු සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල තිබී ටී-56 අවි 07ක්, ටී-56 මැගසීන 04ක්, මයික්‍රෝ පිස්තෝල 06ක්, පිස්තෝල මැගසීන 12ක්, චීනයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සමඟ එම මැගසීනයන්, මිමී 9 පිස්තෝල උණ්ඩ 38ක්, මයික්‍රෝ පිස්තෝල උණ්ඩ 42ක්, පුපුරණ ද්‍රව්‍ය ඇසුරුම් කට්ටල 08ක්, ටී-56 පතරොම් 3231ක්, පුද්ගලනාශක බෝම්බ 14ක් සමඟ එම විලායකයන් (ෆියුස්), මිමි 81 මෝටාර් බෝම්බ 18ක්, මිමි 120 මෝටාර් බෝම්බ 04ක්, ආර්පීජී බෝම්බ 62ක්, බැටරිය සහිත ඩිජිටල් කැමරාවක්, මිමි 60 මෝටාර් බෝම්බ 115ක්, අත් බෝම්බ 24ක්, ආර්පීජී චාර්ජර්ස් 13ක්, එම්පීඑම්ජී (ලින්ක්) පතරොම් පටියක්, මිමි 82 මෝටාර් බෝම්බ 228ක්, මිමි 60 මෝටාර් බෝම්බ විලායකයන් (ෆියුස්) 03ක්, බෝට්ටුවල පිටත සවි කරන එන්ජින් 05ක්, මිමි 81 මෝටාර් විලායකයන් (ෆියුස්) 649ක්, ක්ලේමෝ බෝම්බ 21ක්, සුළු අවි 03ක්, පිස්තෝල 03ක්, කැනොන් වර්ගයේ කැමරාවක්, විදුලි ඩෙටනේටර 7244ක්, ගුවන් විදුලි යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක්, බැංගලෝර ටෝපිඩෝ 07ක්, මිමී 82 මෝටාර් බෝම්බවලට සවි කරන ලද මර උගුල් 12ක්, එම්පීඑම්ජී අවි 02ක්, ජීපීඑම්ජී අවියක්, මිමී .22 අවියක්, මිනිඋසි වර්ගයේ අවියක් සමඟ එහි මැගසීනය, පණිවිඩ හුවමාරු යන්ත්‍ර කට්ටල 12ක්, කොටි ඡායාරූප 50ක්, අයිකොම් චාර්ජර්ස් 10ක්, ෙයසූ වර්ගයේ ගුවන් විදුලි යන්ත්‍ර 15ක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, පීආර්සී 1077 ගුවන් විදුලි යන්ත්‍රයක්, ආර්පීජී අවි 06ක් සහ මිමී 82 මෝටාර් චාර්ජර්ස් 60ක් මෙසේ සොයා ගෙන ඇත.
මේ අතර යුද හමුදා සෙබළු පිරිසක් ත්‍රිකුණාමලය, වාලතෝට්ටම් ප්‍රදේශයේ තිබී ආර්පීජී අවි 13ක්, මිමි 60 මෝටාර් අවි 02ක්, මිමී 12. 7 අවි 02ක්, මිමී 12. 7 අවි බැරල් 03ක්, මිමී 82 අවි රඳවනයක්, මිමි 40 බෝම්බ විදිනයක්, එම්ජී-5 අවියක්, එල්එමිජී අවි 05ක්, එම්පීඑම්ජී අවි බැරල් 05ක්, මළු 05ක්, ප්ලාස්ටික් බැරලයක ඇසිරූ කොටි භාවිතා කළ මළු, හිස් වැසුම්, හනස් කට්ටල, ටී-81 එල්එම්ජී අවියක්, එම්-16 අවියක්, ස්නයිපර් අවි 03ක්, ටී-56 අවි 15ක්, ටී-81 අවි 04ක් ද සොයා ගෙන ඇති අතර එදිනම මඩකලපුව පොලීසිය මඩකලපුව රෝහල් භූමියේ තිබී මෝටර් සයිකල් කොටස් 04ක්, ටෙන්ට් රෙදි 17ක් සහ වානේ මිටි 02ක් ද බ්‍රහස්පතින්දා (25) සොයා ගෙන ඇත.
|