පොලීසිය කොටි සඟවා තිබූ යුද අවි රැසක් මඩකලපුවෙන් සොයා ගනී
මඩකලපුව: වාකරේ පොලීසිය සහ කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට ලැබුණු වැදගත් තොරතුරු මත වාකරේ ට්‍රැක්ටර් මංසන්ධියේ කොටි සඟවා තිබූ යුද අවි රැසක් ඇතුළු භාණ්ඩ තොගයක් බදාදා (24) දින සොයා ගත්හ.
මෙසේ සඟවා තිබී මිමී 120 මෝටාර් අවියක්, ටී-56 අවි 34ක්, ටී-56 මැගසීන 78ක්, එල්එම්ජී අවි 02ක්, එල්එම්ජී ඩ්‍රම් 04ක්, එම්පීඑම්ජී අවියක්, මිමී 12. 7 අවියක කොටසක්, ඇන්ටනා 04ක්, එම්පීඑම්ජී ලින්ක් (පතරොම් පටි) 08ක්, එල්එම්ජී ලින්ක් (පතරොම් පටි) 08ක්, වොට් 1..5 වියලි කෝෂ (බැටරි) 100ක්, පෙන්ටෝච් බැටරි 50ක්, වැඩිදියුණු කළ ටී-81 එල්එම්ජී අවියක්, ටී-56 පතරොම් 750ක්, වොට් 12ක බැටරියක්, ඇන්ටනා වයර් රෝලක් සහ අතේ ගෙන යා හැකි මෝටරෝලා සන්නිවේදන කට්ටල 09ක් සොයා ගෙන ඇත.
තවද මඩකලපුව මුරුගන්කෝවිල් සහ කරුවලපොඩ්ඩෙයි යන ප්‍රදේශවල තිබී හමුදා භට පිරිස් විසින් ටී-56 අවියක් හා මිමී 82 මෝටාර් බෝම්බ 12ක් ද සොයා ගත්හ.
කොඩිකාමම්හි සැඟවී සිටි ජේ්‍යෂ්ඨ කොටි ත්‍රස්තවාදියෙක් හමුදා වෙඩි පහරින් මරුට
යාපනය: යාපනය 522 බලසේනාවේ සෙබළු පිරිසක් කොඩිකාමම් ප්‍රදේශයේ සැකකටයුතු ෙලස සැරිසරන පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ ලද තොරතුරු මත බදාදා (24) විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කලහ.
එසේ ඉයන්තාලෙයි ප්‍රදේශයේ සැඟවී සිටි සැකකටයුතු පුද්ගලයෙක් පෙරවරු 08.00ට පමණ සෙබළුන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අතර එහිදී හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් ඔහු මිය ගියහ. මිය ගිය සැකකරු ජේ්‍යෂ්ඨ කොටි සාමාජිකයෙක් වන සලප්පන් ලෙස හඳුනාගෙන ඇත.
පසුව ඔහු සතුව තිබී මයික්‍රෝ පිස්තෝලයක්, අත් බෝම්බ 02ක්, ජංගම දුරකතනයක්, රු. 6100ක මුදලක් සොයා ගෙන ඇත.
ආර්පීජී, එල්එම්ජී හා සැටලයිට් දුරකතන ඇතුළු උපකරණ රුසක් හමුදාව අතට
වන්නි: මුලතිව්, කිලිනොච්චි, විශ්වමඩු, පුලියන්කුලම්, කල්වියන්කාඩු, ආලන්කුලම්, අක්කරායන්කුලම්, මුල්ලියාවෙලි සහ පරන්තන් යන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම්වලින් ටී-56 අවි 17ක්, සුළු අවි 02ක්, ආර්පීජී අවි කොටස් තොගයක්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර කට්ටලයක්, ක්ලේමෝ බෝම්බයක්, ආර්පීජී විදිනයක්, ඩෙටනේටර 58ක්, සී-4 වර්ගයේ පුපුරණද්‍රව්‍ය කි.ග්‍රෑ. 05ක්, සිල්වර මාලිමා යන්ත්‍ර 44ක්, දුරදක්න 06ක්, සැටලයිට් දුරකතන 12ක් හා සිම් කාඩ්පත් 13ක්, චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ (ජීපීඑස්) 39ක්, සුළු අවිවලට යොදන පතරොම් 14ක්, පුද්ගලනාශක බෝම්බ 97ක්, ආර්පීජී බෝම්බයක්, මිමී 120 මෝටාර් බෝම්බයක්, මිමී. 22 රයිෆල් 02ක්, එල්එම්ජී අවියක්, ටී-81 අවියක්, එම්පීඑම්ජී අවියක බැරලයක්, මිමි 12. 7 අවියක බැරලයක්, මයික්‍රෝ පිස්තෝල 04ක්, මයික්‍රෝ පිස්තෝල උණ්ඩ 195ක් සහ තවත් එක් පිස්තෝලයක් බදාදා (24) දින සොයා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත් වූහ. |