කොටි සඟවා තිබූ මුදල් සහ රත්රන් විශාල තොගයක් සොයා ගනී
මුලතිව්: සටන් පැවති අවසාන දිනවල කොටි නායකයින් විසින් සඟවා තිබූ විශාල මුදල් ප්‍රමාණයක් සහ රන් ආභරණ තොගයක් අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්තවාදීන්ගෙන් ලද තොරතුරු මත හමුදා භට පිරිසක් විසින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් අඟහරුවාදා (23) සොයා ගත්හ.
මුදලින් රු.6,491,099ක් (හැටහතර ලක්ෂ අනූඑක්දහස් අනූනවයක්) සහ පෙට්ටි කිහිපයක අසුරා තිබූ රන් ආභරණ කි.ග්‍රෑ.100ක් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මෙසේ සඟවා තිබුණි.
ප්‍රදේශ කිහිපයකින් යුද උපකරණ රැසක් සොයා ගනී
වන්නි සහ නැඟෙනහිර: යුද හමුදා සෙබළු මුදා ගත් ප්‍රදේශවල නොකඩවා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරති. ඒ අනූව අඟහරුවාදා (23) දින පුතුකුඩිඉරිප්පු, අම්පලවන්පොක්කනෙයි, ඔඩ්ඩුසුඩාන්, පුලියන්පොක්කනෙයි, විශ්වමඩු, තාරපුරම්, ආලන්කුලම්, නොච්චිමොඩෙයි සහ මඩුකන්ද යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් එම්පීඑම්ජී උණ්ඩ 3780ක්, ටී-56 පතරොම් 10,193ක්, අරුල් වර්ගයේ බෝම්බ 02ක්, අත් බෝම්බ 36ක්, පුද්ගලනාශක බෝම්බ 05ක්, මිමි 82 මෝටාර් බෝම්බ 17ක්, මිමි 60 මෝටාර් බෝම්බ 44ක්, ජීපීඑම්ජී උණ්ඩ 50ක්, යුද ටැංකිනාශක බෝම්බයක්, රොකට් විදිනයක කොටස් කිහිපයක්, බෝට්ටුවල පිටත සවි කරන එන්ජින් 02ක්, ටී-56 අවි 02ක්, ටී-56 මැගසීන 04ක්, මාලිමා යන්ත්‍රයක්, චන්ද්‍රිකා තාක්ෂණික උපකරණයක් (ජීපීඑස්), ආර්පීජී බෝම්බ 03ක්, හනස් කට්ටලයක්, මිමී 81 මෝටාර් බෝම්බවලට සවි කරන ලද මර උගුල් 03ක්, ගමන් මල්ලක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගත්හ.
මේ අතර ත්‍රිකුණාමලය, සන්ගේෂපුරම් ප්‍රදේශයේ තිබී ටී-56 පතරොම් ඇසිරූ පෙට්ටි 16ක් (එක පෙට්ටියක පතරොම් 750 බැගින්) සහ සී-4 පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 2. 5ක් එදිනම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හමුදා භට පිරිස් විසින් සොයා ගෙන ඇත. |