හමුදා සෙබළුන් පුපුරණද්‍රව්‍ය සහ තවත් යුද උපකරණ සොයා ගනී
නැඟෙනහිර: නැඟෙනහිර උප්පුවේලි සහ කරුවලකොඩ්ඩයි යන ප්‍රදේශවල හමුදා සෙබළුන් දියත් කළ සෝදිසි මෙහෙයුම්වලින් කි.ග්‍රෑ.03ක් බර ක්ලේමෝ බෝම්බයක්, සී-4 වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 500ක්, මීටර 50ක් දිග ඩෙටනේටර වයරයක්, මිමී 82 මෝටාර් බෝම්බ 88ක් සහ අත් බෝම්බ 27ක් සොයාගෙන ඇත.
තවද 57 සේනාංකයේ භට පිරිස් විශ්වමඩු ප්‍රදේශයේ තිබී ගෑස් මුහුණු ආවරණ 02ක්, පුද්ගලනාශක බෝම්බ 02ක්, අත් බෝම්බයක් සහ මිමී 12 .7 ගිනි අවි 03ක් සඳුදා (22) දින සොයා ගත් අතර කාර්ය සාධක 03 බලකා සෙබළු පිරිසක් ඕළුමඩුහි තිබී කබා 02ක්, ටී-56 මැගසීන් 03ක්, හිස් ආවරණයක් (හෙල්මට්) හා මිමි 81 මෝටාර් බෝම්බයක් ද සොයා ගෙන තිබේ.
මේ අතර කාර්ය සාධක 04 හා 08 බලකාවල භට පිරිස් පුතුකුඩිඉරිප්පු බටහිර, පුතුමාතලන්, වෙල්ලමුල්ලිවයික්කාල්, පට්ටික්කරායි සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 167ක්, අත් බෝම්බ 63ක්, මිමි 60 මෝටාර් බෝම්බ 83ක්, ආර්පීජී බෝම්බ 06ක්, බෝට්ටුවල පිටත සවි කරන එන්ජින් 03ක්, ගල්කටස් වර්ගයේ අවි 03ක්, මිමි 60 මෝටාර් ෆියුස් 24ක්, ටී-56 අවි 02ක්, ටී-56 මැගසීන 04ක්, මිමී 91 පිස්තෝලයක්, මිමී 81 පැරා බෝම්බ 06ක්, මිමී 81 සුදු පැහැති පොස්පරස් (වයිට් පොස්පරස්) බෝම්බ 03ක්, මිමි 81 මෝටාර් බෝම්බ 03ක්, අරුල් වර්ගයේ බෝම්බයක්, මිමි 40 මෝටාර් බෝම්බයක්, මර උගුල් 05ක්, මිමී 40 මෝටාර් අවියක්, මිමී 60 පැරා ආලෝක බෝම්බ 02ක්, ඩෙටනේටර 11ක්, ටී-56 පතරොම් 4720ක්, ගුවන්යානා නාශක මිසයිල 03ක්, කුඩා ක්ලේමෝ බෝම්බයක්, මිමී 60 ගුවන් පොකුරු බෝම්බ 04ක්, මිමි 60 මෝටාර් බෝම්බ විලායකයන් (ෆියුස්) 15ක්, ජීපීඑම්ජී උණ්ඩ 10,776ක් සහ සිතියම් 71ක් සදුදා (22) දින සොයා ගත්හ.
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ඇතුළු පුපුරණද්‍රව්‍ය තොගයක් වව්නියාව සහ මඩකලපුවෙන් සොයා ගනී
වව්නියාව සහ මඩකලපුව: වව්නියාව පොලීසියට ලැබුණු තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වෙප්පන්කුලම් කැළෑබද ප්‍රදේශයක තිබී පුපුරණද්‍රව්‍ය කි.ග්‍රෑ. 10ක් අඩංගු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, පුපුරණද්‍රව්‍ය කි.ග්‍රෑ. 04ක් බැගින් අඩංගු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 03ක්, අඩි 30 බැගින් දිග ඩෙටනේටර වයර් 02ක්, විදුලි ඩෙටනේටර 33ක්, දුරස්ථපාලක උපකරණ 02ක් සමඟ ඇන්ටනාවක් සහ කාලනිර්ණ උපකරණ 02ක් (22) සොයා ගෙන ඇත.
කලවන්චිකුඩි විශේෂකාර්ය බලකා කඳවුරේ සෙබළුන් පිරිසක් ඔවුන්ට ලැබුණ තොරතුරු මත සූරියඅඩි සහ තොප්පිගල ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් ටී-56 අවි 05ක්, ටී-56 මැගසීන 04ක්, ටී-56 පතරොම් 123ක්, අත් බෝම්බ 05ක්, පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 744ක්, ගමන් මල්ලක්, කොටි භාවිතා කළ සටහන් පොතක් හා ඩෙටනේටර 05ක් ද සොයා ගත්හ. |