මුලතිව් ප්‍රදේශයෙන් යුද උපකරණ රැසක් සොයා ගනිති
මුලතිව්: කොටි ත්‍රස්තවාදීන් සඟවා ඇති යුද උපකරණ සෙවීමේ සෝදිසි මෙහෙයුම් යුද හමුදාව විසින් තව දුරටත් ක්‍රියාත්මක කරති. ඒ අනූව මුලතිව්හි පුලියන්පොක්කනෙයි, විශ්වමඩු, උදයාර්කට්ටුකුලම්, ආලන්කුලම්, අම්පකාමම් සහ ඔලුමඩු යන ප්‍රදේශවල තිබී 57 සේනාංකයේ හා කාර්යසාධක 02, 03 බලකාවල සෙබළුන් විසින් මිමී 81 මෝටාර් බෝම්බ 07ක්, ජීපීඑම්ජී අවියක්, ටී-56 ගිනි අවියක්, ආර්පීජී බෝම්බ 03ක්, අත් බෝම්බ 17ක්, ටී-56 උණ්ඩ 58ක් සහ පුද්ගලනාශක බෝම්බ 05ක් ඉරිදා (21) දින සොයා ගත්හ.
තවද කාර්යසාධක 08 බලකායේ භට පිරිසක් අම්පලවන්පොක්කනෙයි සහ සරුවල්තෝට්ටම් යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම්වලින් ඩෙටනේටර 02ක්, මිමී 60 මෝටාර් බෝම්බ 08ක්, පුද්ගලනාශක බෝම්බ 72ක්, සුළු අවියක්, වැඩි දියුණු කළ බෝම්බ 05ක්, මිමී 40 බෝම්බ විදිනයක්, ආර්පීජී බෝම්බ 10ක්, මිමී 82 මෝටාර් බෝම්බයක්, ආර්පීජී චාර්ජර 03ක්, මිමී 60 මෝටාර් චාර්ජර 06ක්, මිමී 60 මෝටාර් විලායකයන් (ෆියුස්) 06ක්, “පැඩ්ල් ගන්” උණ්ඩ 07ක්, පිස්තෝලයක්, ආහාර ටින් 60ක්, එම්පීඑම්ජී උණ්ඩ 200ක්, ක්ලේමෝ බෝම්බවලට භාවිතා කරන ස්විච් 36ක්, දුරස්ථපාලක උපකරණ 08ක්, වැඩිදියුණු කල බෝම්බ 110ක්, සුළු අවියක්, විදුලි පන්දම්වලට භාවිතා කරන බැටරි 3000ක්, ක්ලේමෝ බෝම්බ 31ක්, සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 150ක්, පීඊකේ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 09ක්, ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 56ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 02ක්, ටී-56 ගිනි අවියක්, ගිනි අවි පිළිබඳ තොරතුරු අඩංගු අත්පොත් 78ක් ද සොයා ෙගන ඇත.
එමෙන්ම කදිරවෝඩ්ඩෙයි, පුතුකුඩිඉරිප්පු සහ මාන්කාඩු යන ප්‍රදේශවල තිබී යුද හමුදා සෙබළු පිරිසක් කි.ග්‍රෑ. 02.5ක් බර ක්ලේමෝ බෝම්බයක්, කි.ග්‍රෑ. 07.5ක් බර ක්ලේමෝ බෝම්බයක්, කි.ග්‍රෑ. 15ක් බර ක්ලේමෝ බෝම්බයක්, කි.ග්‍රෑ. 20ක් බර ක්ලේමෝ බෝම්බයක්, එම්පීඑම්ජී උණ්ඩ 457ක්, ටී-56 උණ්ඩ 198ක්, ටී-56 මැඟසීන් 36ක්, ස්නයිපර් මැඟසීන් 07ක්, දුරස්ථපාලක උපකරණ 04ක්, සුළු අවියක්, එම්- 16 මැඟසීන් 03ක්, ආහාර ටින් 97ක්, සිතියම් 07ක් සහ අත් බෝම්බයක් ඉරිදා (21) දින සොයා ගැනීමට සමත්වූහ.
නැඟෙනහිර පළාතේ ඉයන්කර්නි ප්‍රදේශයේ භට පිරිස් සිදුකල සෝදිසියක දී “සෝනි” වර්ගෙය් රූපවාහිනියක් හා ගුවන්චිදුලි යන්ත්‍රයක්, “පැනසොනික්” වර්ගෙය් සීඩී යන්ත්‍රයක්, ඩිජිටල් සැටලයිට් උපකරණයක්, තෙල් පෙරණයන් 05ක්, මල්ටි මීටර 71ක්, මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක කොටස්, මිමී 122 කාලතුවක්කු ටයරයක්, මිමී 152 කාලතුවක්කුවක කැල්ක්‍යුලේටරයක්, මිමී 152 කාලතුවක්කුවක උපකරණ පෙට්ටියක්, පොම්පයක්, “සෝනි” වර්ගෙය් රේඩාර් උපකරණයක්, “යූරෝටෙල් ” වර්ගෙය් දුරකතනයක්, කාලතුවක්කු කැල්ක්‍යුලේටර 05ක්, මිමී 81 මෝටාර් අවි පිරිසිදු කරන බුරුසුවක් ගන්ප්‍රෙෂර් මීටරයක් සහ සෝදිසිවල දී භාවිතා කරන ආලෝක උපකරණ 02ක් (21) දින සොයා ගත්හ.
යුද උපකරණ සඟවා තිබූ හිටපු කොටි නායකයෙකු වන ස්වර්නම්ගේ කාර්්‍යාල සංකීර්ණයක් අල්ලයි
නැගෙනහිර: ගිනිඅවි, පතුෙරාම්, ඇතුළු යුද උපකරණ තොගයක් සඟවා තිබූ නැගෙනහිර හිටපු කොටි නායක ස්වර්නම්ට අයත්ව තිබූ කාර්්‍යාල ගොඩනැගිල්ලක් වාකරේ, පූච්චන්කර්නි ප්‍රදේශයේ තිබී හමුදා භටපිරිසක් විසින් (21) ඉරිදා සොයා ගන්නා ලදි. හමුදාවට ලැබුණු තොරතුරු මත මෙසේ සඟවා තිබූ යුද අවි ඇතුළු උපකරණ (21) ඉරිදා ප.ව. 6.45 ට පමණ සොයාගෙන ඇත. |