කොටින් සැඟවූ අවි හා පුපුරණද්‍රව්‍ය තව තවත් සොයාගැනෙති
වන්නි සහ නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් රාමනාදපුරම්, විශ්වමඩු, වෙල්ලමුල්ලිවයික්කාල් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවලදී සිදුකල සෝදිසි මෙහෙයුම්‍වලින් ටී-56 ගිනිඅවි 01 ක්, ටී-56 පතරොම් 14864 ක්, මිමී 81 මෝටාර් බෝම්‍බ 09 ක්, ආර්පීජී බෝම්‍බ 32 ක්, එම්‍පීඑම්‍ජී පතරොම් 1097 ක්, මිමී 60 මෝටාර් බෝම්‍බ 46 ක්, මිමී 60 පැරා බෝම්‍බ 12 ක්, මිමී 60 මෝටාර් චාර්ජර් පෙට්‍ටි 02 ක්, මිමී 9 පිස්තෝල 01 ක්, මිමී 9 පිස්තෝල පතරොම් 34 ක්, ආරුල් බෝම්‍බ 10 ක්, හඳුනා නොගත් ගිනිඅවි 01 ක්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර කට්‍ටල 02 ක්, ආර්පීජී චාර්ජර් 04 ක්, පුද්ගල නාශක බෝම්‍බ 03 ක්, මිමී 7.62 පතරොම් 10879 ක්, රාත්‍රි දක්නයක්, බෝට්‍ටුවල පිටත සවිකරන අශ්වබල 15 එන්ජින් දෙකක්, පීඩන බෝම්‍බ 01 ක්, එකක් කි.ග්‍රෑ 08 ක් බරැති ක්ලේමෝ බෝම්‍බ 09 ක් සහ අත් බෝම්‍බ 08 ක් බදාදා (17) දින සොයාගෙන තිෙබ්.
ෙම් අතර මඩකලපුව, ඉයන්කර්නි සහ කල්කුඩා ප්‍රදේශවල යුද හමුදා භට පිරිස් විසින් සාමාන්‍ය වැසියන්ගෙන් ලද තොරතුරු මත සිදුකල සෝදිසි මෙහෙයුම්‍වලදී ටී-56 ගිනිඅවි 02 ක්, ටී-56 පතරොම් 444 ක්, ටී-56 මැගසින් 01, ටීඑන්ටී පුපුරණද්‍රව්‍ය කි.ග්‍රෑ 01 ක්, ආර්පීජී බෝම්‍බ 05 ක් සහ අත්බෝම්‍බ 05 ක් බදාදා (17) දින උදෑසන සොයාගෙන ඇත.
කින්නියා සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 01 ක්, ටී-56 පතරොම් 30 ක් සහ අත්බෝම්‍බ 01 ක් එදිනම (17) සොයාගෙන ඇත. |