උතුර: යුද හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (04) දින කඩ්ඩුවාන් සහ කොකිලායි පන්සල් කන්ද යන ප්‍රදේශයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 256 ක් සොයාගෙන ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත, භටපිරිස් විසින් එදිනම (04) තෙලිප්පලෙයි සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රදේශයන්හි තිබී අරුල් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.
බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (04) කිඩ්ඩුප්පිඩිත්තකුලම්, සින්නපන්ඩිවිරිච්චාන් සහ කොක්තුඩුවායි ප්‍රදේශයේ තිබි පුද්ගලනාශක බෝම්බ 79 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පිජි බෝම්බ 02 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත, භටපිරිස් විසින් එදිනම (04) කයාන්කර්නි සහ මුල්ලවඩ්ඩුවාන් යන ප්‍රදේශයන්හි තිබී මසල් ලෝඩර් 03 ක් සහ ටි-56 ගිනි අවි 01 ක් සොයාගෙන තිබේ. |