උතුරඃ හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (24) තලෙයිඅඩි යන ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මල බැදි තිබු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (24) මුල්ලියන්, චේමමඩු සහ මුල්ලියාවේලි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 130 කාලතුවක්කු උණ්ඩ 01 ක්, අත් බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත මල්ලාවි පොලිසිය සහ මාන්කුලම් පොලිසිය විසින් එදිනම (24) කිලිනොච්චි සහ ඕලුමඩු යන ප්‍රදේශවල තිබී මිමි 7.62 X39 එස්එස්ඩි පතරොම් 550 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 16 ක් සොයාගැනීමට සමත්වී ඇත.
බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබි පුද්ගලනාශක බෝම්බ 90 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: භට පිරිස් විසින් එදිනම (24) නැගෙනහිර පළාතේ තොනොට්ටමඩු සහ ලාහුගල නිරිත දිග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි මිමි 120 මෝටාර් බෝම්බ 02 ක් සහ මිමි 9 පතරොම් 174 ක් සොයාගෙන ඇත.
‘මහින්ද චින්තනයෙන්’ බිහි වූ ‘අභිමංසල’ සුවසහන මධ්‍යස්ථානයට වසරක්‍සපිරේ
සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාරතර සංකල්පයකට අනූව දේශයේ සාමය උදෙසා තම දිවි කැප කොට පූර්ණාබාධිත තත්වයට පත්ව සිටින අභීත රණවිරුවන් වෙනුවෙන් අනුරාධපුර නුවර වැව ඉස්මත්තේ පිහිටි මනරම් භූමියේ සුපිරි පහසුකම්වලින් සමන්විතව ඉදි කළ ‘අභිමංසල’ සුවසහන නිකේතනය බ්‍රහස්පතින්දා (26) දින තම ප්‍රථම සංවත්සරය සමරයි.
“දෑස තිබිය දී නොදකින, සවන් තිබිය දී නොඅසන, දෑත් දෙපා තිබිය දී නිසි දෙයට නොයොදවන මිනිසුන් සහිත සමාජයක කායිකව හෝ මානසික ආබාධයන්ගෙන් යුත් ඔබ කිසිදු වෙනස්කමකින් තොරව ගෞරවනීය පුරවැසියන් ලෙස මම පිළිගනිමි. රැකවරණයක් නොමැති ඔබ වෙනුවෙන් රජයෙන් ‘රැකවරණ නිවාස’ ඉදි කරමි.” (මහින්ද චින්තනය - පිටුව 16) මෙම සනිටුහන, මානුෂීය මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු තත්වය ජනාධිපතිතුමා කල්තියාම අවබෝධ කර ගැනීමක් බවට සැකයක් නොමැත. මෙම සිහිනය සැබෑ කර ගනිමින් උතුරු මැද පලාතේ සිටින පූර්ණාබාධිත යුද හමුදා විරුවන් 52 දෙදෙනෙක් වෙනුවෙන් මෙම සුවසහන නිකේතනය අනුරාධපුරයේ ඉදි කිරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ උපදේශකත්වය නොඅඩුව ලැබුණි. එමෙන්ම ‘බ්‍රේව් හාර්ට්ස්’ ව්‍යාපෘතිය මඟින් සේවා වනිතා යුද හමුදා ශාඛාව අවැසි මූල්‍යමය ප්‍රතිපාදන සොයාදීමට මහත් සේ කැපවුනි.
ජනාධිපතිතුමා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය කෙරෙහි දක්වන විශේෂ අවධානය නිසාම දිවයින පුරා වෙසෙන පූර්ණාබාධිත රණවිරුවන් 297 කගේ බලාපොරොත්තු මල්ඵල ගනිමින් පවතී. ‘අභිමංසල’ මෙන්ම ඉදි කළ ‘මිහිඳු සෙත් මැඳුර’ පූර්ණාබාධිත රණවිරුවන් 50 දෙනෙක් වෙත රැකවරණය සලසන අතර, දිවි පරදුවට තබා සටන් කොට ශාරීරිකව ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ සිතට අස්වැසිල්ලක් ගෙන දෙමින් වඩාත් සුවදායි හෙට දවසක් ඔවුන්හට ලබාදීමට කඹුරුපිටිය, විල්පිටවත්ත ප්‍රදේශයේ ‘අභිමංසල - 2’ නමින් තවත් එවන් සුවසහන මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතී.
රණවිරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම ඉදි කරන ලද මෙම සුවසහන නිකේතනය තුල ජල චිකිත්සක, භෞත චිකිත්සක පහසුකම්, ශාරීරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය රසායනාගාර, පිහිනුම් තටාක, 24 පැය පුරාම වෛද්‍ය පහසුකම්, විනෝද ශාලා හා පුස්තකාල පහසුකම්, ආයුර්වේද මධ්‍යස්ථාන, ශ්‍රවණාගාර, ක්‍රීඩාගාර ආදි ඔවුන්ගේ නිවෙස්වල දී පහසුවෙන් සපයාගත නොහැකි පහසුකම් රැසකින් සමන්විතය. එසේ හෙයින්ම ඔවුන්ට තමන් තවමත් සේවයේ යෙදී සිටිනවා; යැයි හැඟි යන බව නොරහසකි.
මෙම සුවසහන මධ්‍යස්ථානවල රැකවරණය ලබන රණවිරුවන්ගේ මව්පියන්, දුදරුවන් ඇතුළු ඥාතීන්ට මෙම මධ්‍යස්ථාන තුල දින කිහිපයක් රැඳී සිටීමට අවැසි සියලු පහසුකම් යුද හමුදාව විසින් සපයා ඇති නිසා තම හිතවතුන් සමඟ එකට කාලය ගත කිරීමට හැකිවීම එම පූර්ණාබාධිත රණවිරුවන්ට මහත් මානසික අසවැසිල්ලකි.
මව්බිම වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කොට ඇති මෙම සහෘදයන් හට රට වෙනුවෙන් කිරීමට තවත් දෙයක් ඉතිරිව නැත. ඔවුන් දිවි ඇති තුරා රැක බලා ගැනීම මුළු මහත් ජාතීයේ වගකීමයි. මෙය හොඳින් හඳුනාගත් මහින්ද රාජපක්ෂ රජය නිවාස ඉදි කරදීමෙන්, සෞඛ්‍ය පහසුකම් ලබාදීමෙන් හා වෙනත් රණවිරු සුබසාධන කටයුතු මඟින් මෙම විරුවන් හා ඔවුන්ගේ පවුල් වෙත සහන සැලසීමට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරයි.
යුද හමුදාවේ සියල්ලන් වෙනුවෙන් නොයෙකුත් සුබසාධන ව්‍යාපෘති ක්‍රියාවට නංවන අතිගරු ජනාධිපතුමාගේ සංකල්පයකට අනුව බිහිවන මෙම මධ්‍යස්ථාන යුද හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම අනූව වෘත්තීය දැනීමෙන් පිරිපුන් යුද හමුදා ඉංජිනේරුවන් සහ සියලු නිලයින්ගේ ශ්‍රමයෙන් ඉදි වේ.
අනුරාධපුර ‘අභිමංසල’ ප්‍රථම සංවත්සරය වෙනුවෙන් බ්‍රහස්පතින්දා (26) දින රාත්‍රිය පුරාවට සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර, එදිනම ‘අභිමංසල’ භූමියේ ඉදි කළ නව ‘බුදු මැඳුර’ විවෘත කිරීම ද සිදු කෙරේ. ඉන් අනතුරුව පසුදින මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි හීල් දානය පිරිනැමීම සිදු කෙරෙන අතර, සෙනසුරාදා (28) දින සංගීතය හා කලාව සුසංයෝග වූ විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වේ. එමෙන්ම සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව විශේෂ අංගයක් ලෙස ත්‍යාග පාර්සල් බෙදාදීමක් ද සිදු කිරීමට නියමිතය.
.jpg)
|