උතුරඃ හමුදා භට පිරිස් විසින් කිලාලි සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රදේශවල සෙනසුරාදා (4) දින සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මිමී 81 මෝටාර් බෝම්බ 03 ක්, මිමී 120 කාලතුවක්කු උණ්ඩ 02 ක්, ආමර් නෝස් 01 ක්, ටී-56 පතුරොම් 600 ක් සහ ආර්පීජී බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (4) මරදමඩු, දේවපුරම් සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 220 ක් සොයාගත්හ.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත යුද හමුදා භටපිරිස් විසින් එදිනම (4) වන දින ඔලුමඩු, විනයාගපුරම් සහ කල්කුඩා යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 02 ක්, ටී-56 ගිනි අවි 01 ක්, ටී-56 අවියේ බැරල 01 ක්, ටී-56 මැගසින 06 ක්, මිමී 40 ග්‍රෙෙන්ඩ් ලෝව්චර් බෝම්බ 24 ක් සහ ටී-56 පතුරොම් 1000 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (4) නැගෙනහිර පළාතේ කුඹුරුමුල්ල ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගන්නා ලදි.
ජනපති ලේකම් අනුරාධපුර ‘අභිමංසලේ’ රණවිරුවන් වෙත පොත් පරිත්‍යාග කරයි
ජනාධිපතිලේකම් ලලිත් වීරතුංග මහතා සහ වීරතුංග මහත්මිය පූර්ණාබාධිත රණවිරුවන්ට සෙවණ සදන අනුරාධපුර ‘අභිමංසල’ සුබසාධන නිකේතනය වෙත අද (05) පෙරවරුවේ පැමිණි අතර, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දියත් කරනු ලබන ‘නැණ ගුණ සවිය’ ව්‍යාපෘතිය මඟින් ස්ථාපිත ‘ඊ - නැණසල’ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සහ මංජුලිකා ජයසූරිය මහත්මිය විසින් ‘අභිමංසල’ වෙත පැමිණි ජනාධිපති ලේකම්තුමා හා එම මහත්මිය පිළිගනු ලැබීය.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත දිවයින පුරා සිටින දූදරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම ‘ඊ- නැණසල’ ව්‍යාපෘතිය දියත් කරන බව පැවසූ වීරතුංග මහතා මෙම අභිමංසල සුවසහන මධ්‍යස්ථානය තුල නේවාසිකව සිටින වීරෝදාර රණවිරුවන් මව්බිම වෙනුවෙන් තම දෑත් දෙපා පුද දෙමින් සිදු කළ මෙහෙය මහත් සේ අගය කළේය.
මෙම රණවිරුවන් වෙනුවෙන් ‘අභිමංසල’ සුවසහන මධ්‍යස්ථානය තුල සිදු කරන සුබසාධන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා දැනුවත් කරන ලදී. මෙහි දි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ‘අභිමංසල’ තුල සිටින රණවිරුවන්ගේ පරිහරණය උදෙසා පොත් කට්ටල තොගයක් ද අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා විසින් රණවිරුවන් වෙත පරිත්‍යාග කළේය.
|