Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

මුල් පුවත

  • යාපනයේ ජනතාවට තවත් ඉඩම් අක්කර 683 ක් මුදාහැරේ

    13th April 2018 15:38:30 පැය

    යාපනයේ ජනතාවට තවත් ඉඩම් අක්කර 683 ක් මුදාහැරේ

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් සිකුරාදා (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී නිත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකු වෙත පවරාදෙන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය

    12th April 2018 13:19:50 පැය

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමෙන් ලද යුධ අත්දැකීම තුලින් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්සත් ජාතින් සමඟ එක්ව සාමසාධක රාජකාරින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවීශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ 03 හිදී යුද්ධ හමුදා විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය (DOO) ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

  • හේනානිඟල දී ආදීවාසින් මහත් හරසරින් අලුත් අවුරුද්ද සමරයි

    11th April 2018 23:27:19 පැය

    හේනානිඟල දී ආදීවාසින් මහත් හරසරින් අලුත් අවුරුද්ද සමරයි

    නැගෙනහිර පළාතේ හේනානිඟල ප්‍රදේශයේ දී ‘වන අරණ පදනම’ සහ පාරම්පරික ආදීවාසි සාමාජිකයින් සමඟ එක්ව යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් බදාදා (11) දින සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය. ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තො ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම බක්මහ උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

  • යුද්ධ හමුදා මුලස්ථාන නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ බක් මහ උළෙල පනාගොඩ දී

    11th April 2018 09:45:26 පැය

    යුද්ධ හමුදා මුලස්ථාන නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ  බක් මහ උළෙල පනාගොඩ දී

    සුර්යයා ‍මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියතු සියයකට අධික සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩා පිටියේදී අඟහරුවාදා (10) දින පවත්වන ලද අතර එය සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත විය.

  • තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 196 ක් මාදුරුඔයදී විසිර යති

    09th April 2018 15:34:55 පැය

    තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 196 ක් මාදුරුඔයදී විසිර යති

    මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක - 48 යටතේ පුරා මාස 09 ක කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිළයින් 189 දෙනෙකු සඳුදා (09) දින උදෑසන සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.

  • මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාවේ නිල ලාංඡන පළඳවයි

    08th April 2018 22:50:50 පැය

    මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති ප්‍රතිශක්ති යුධ උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාවේ නිල ලාංඡන පළඳවයි

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාවේ කීර්තිමත්ම පුහුණු පාසලක් වන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ඉරිදා (08) දින සිදු කල පළමු නිල සංචාරයේ දී අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සහ නව පහසුකම් රැසක් විවෘත කරනු ලැබීය.

  • යාපනය ප්‍රදේශයේ අවතැන් වූවන් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් විවෘත කෙරේ

    06th April 2018 16:51:55 පැය

    යාපනය ප්‍රදේශයේ අවතැන් වූවන් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් විවෘත කෙරේ

    වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ආරම්භ කල යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය, තේලිප්පලෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් බ්‍රහස්පතින්දා (05) දින පැවැති උත්සවයක දී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.

  • යුද්ධ හමුදාධිපතිතුමන් රාගම ‘රණවිරු සෙවණ’ නේවාසික රණවිරුවන් හමුවේ

    05th April 2018 11:42:14 පැය

    යුද්ධ හමුදාධිපතිතුමන් රාගම ‘රණවිරු සෙවණ’ නේවාසික රණවිරුවන් හමුවේ

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උදාවන සිංහල සහ ‍දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (05) දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් 120 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රාගම ‘රණවිරු සෙවණ’ හි සංචාරයක නිරත වුහ. ‘රණවිරු සෙවණ’ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවකු.....

  • ආරක්‍ෂක සේවා විද්‍යාල මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

    04th April 2018 19:41:28 පැය

    ආරක්‍ෂක සේවා විද්‍යාල මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

    කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය.

  • 10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල ඇරඹේ

    04th April 2018 11:20:15 පැය

    10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල ඇරඹේ

    10 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්‍ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්‍ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.