2021-02-12 18:28:19
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික 'දීඝවාපිය' මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල පිහිටුවීමේ සමාරම්භක අවස්ථාව අද (12) දින උදෑසන කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී ආරම්භ විය. ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා, භික්ෂූන් වහන්සේලා, ජනාධිපති උපදේශකයින්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ලේකම්වරුන් රැසක් මෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරනු ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥ නියෝජිත කණ්ඩායමක් ද මේ සඳහා සහභාගී වූහ.
2021-02-10 22:28:19
“ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” වෙත සම්මාන ප්රදානය කිරිමේ උත්සව ඉකුත් බදාදා (10) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සමාගම් අතර වඩාත් කැපී පෙනෙන සමාගම් තම කොටස් හිමියන්, ගණුදෙනුකරුවන්, සේවකයින් සහ පොදුවේ ප්‍රජාව සඳහා කරනු ලබන සුවිශේෂි පිළිගැනීම වෙනුවෙන් පිරිනමනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.
2021-02-09 13:27:42
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අධ්‍යනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනය වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නුඳුරේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම ‘Diner's Club’ සැසිවාරය ඉකුත් සඳුදා (08) දින කොළඹ, රන්ගල ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.
2021-02-05 18:39:20
73 වන නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිල ලාංජන පැළදවීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (05) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි. මෙහිදී, මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 12 දෙනෙකුට නිල ලාංඡන පැළදවිය.
2021-02-04 11:43:34
‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි ඓතිහාසික නිදහස් චතුරශ්‍රය අභිමුවදී මහත් අභිමානවත් අයුරින් හා උත්සවශ්‍රියෙන් පැවැත්විණි.
2021-02-03 08:37:54
'සොල්දාදුවෙකු' ජීවිත කාලය පුරාවටම සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වන අතරම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික විරෝදාර රණවිරුවන්ගේ වෘත්තීමය ප්‍රතිරූපය, පෙනුම සහ ගෞරවය තවතවත් නිරූපණය කරමින් සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සියලුම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හඳුන්වාදී ඇත.
2021-01-30 18:02:08
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ නව ස්ථූපයක් සහ ආරාමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබිණ.
2021-01-29 10:29:46
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබූ AstraZeneca Covidshield එන්නත දිවයින පුරා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පෙරමුණේ සේවය කරන යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රථමයෙන් ලබාදෙනු ලබන අතර එහි පළමු මාත්‍රාව ඔවුන් වෙත ලබාදීමේ කටයුතු අද (29) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ විය.
2021-01-28 14:16:54
ඉන්දීය රජය විසින් ප්රදානය කළ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
2021-01-27 11:51:43
ඓතිහාසික දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් බලධාරීන් පිරිසක් අඟහරුවාදා (26) දින එහි නිරීක්ෂණ චාරීකාවක නිරත වූහ.