Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුල් පුවත

  • යුද්ධ හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක අතර සාකච්ඡාවක්

    2021-08-17 19:17:35

    යුද්ධ හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක අතර සාකච්ඡාවක්

    සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සංග්‍රාමික වැඩමුළුවක් සඳහා සහභාගී වීම සඳහා දිවයිනට සපැමිණි බංගලාදේශයේ ‘මිර්පූර්’ (Mirpur) පිහිටි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින් (Major General Mohammed Jubayer Salehin) ඉකුත් සදුදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීය. එහිදි බංගලාදේශ සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින ද්විපාර්ශවික සබඳතා පිළිබද සාකච්ඡා කළේය.

  • බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන දියත් කරයි

    2021-08-12 13:39:08

    බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරමින් යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන දියත් කරයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් චන්දන අරංගල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බස්නාහිර පළාත...

  • හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූල්‍යමය දිරිගැන්වීම්

    2021-08-07 21:40:27

    හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූල්‍යමය දිරිගැන්වීම්

    ලොව අන් කිසිදු හමුදාවකට සමකළ නොහැකි පෙර නොවූ විරුවන් වන ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ පරාර්ථකාමී බව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍යය සුහදත්වය තවදුරටත් ලොවට පිළිබිඹු කරමින් ජනාධිපති සමාව මත නිදහස ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියාවක නියැලී තම ජීවනෝපාය මාර්ගයන් සකස් කරගැනීම සහ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වශයෙන් නීතිගරුකව ජීවනෝපාය සිදුකරගෙන යාමට මූලික අඩිතාලම සකස් කරදීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍යමය පරිත්‍යාගයන් පිරිනැමූහ.

  • යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනි

    2021-08-03 18:01:55

    යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනි

    ශ්‍රී ජයවර්ධනපුර නව ආරක්‍ෂක හමුදා මුලස්ථානය අභිනවයෙන් ඉදිකිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අද (03) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණියේය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධනි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

  • ගුවන් සංක්‍රමික සෙබළුන් 200 ක් විසිරයයි

    2021-07-28 18:34:55

    ගුවන් සංක්‍රමික සෙබළුන් 200 ක් විසිරයයි

    53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් සඳහා දියතලාවේ නව නිවාඩු නිකේතනයක්

    2021-07-18 08:55:37

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් සඳහා දියතලාවේ නව නිවාඩු නිකේතනයක්

    දියතලාවේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා නවතමයෙන් ඉදිකළ ‘Mech Breeze’ නිවාඩු නිකේතනය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ කරන ලද ආරාධනයකට අනුව පසුගිය සෙනසුරාදා (17) දින එම අවස්ථාවට...

  • පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්

    2021-07-14 19:26:59

    පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්

    ත්‍රිවිධ හමුදා සහ සිවිල් අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය ඉහළ නැංවීමේ අරමුණින් සහ පැරා ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ධනය කිරීම උදෙසා නව අවබෝධතා ගිවිසුමකට එලඹෙන ලදී. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව එක්ව පෙරමුණගෙන ක්‍රියාකරයි.

  • යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය 37 වැනි සංවත්සරය සමරයි

    2021-07-12 17:40:14

    යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය 37 වැනි සංවත්සරය සමරයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට අද (12) දිනට වසර 37 ක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් මාලාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත අද (12) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණ.

  • ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිතුමන්ගේ සුභපැතුම්

    2021-07-10 04:44:06

    ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිතුමන්ගේ සුභපැතුම්

    එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

  • යුද්ධ හමුදා ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සාර්ථකයි - මහජනතාවගෙන් පැසසුම්

    2021-07-05 16:43:15

    යුද්ධ හමුදා ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සාර්ථකයි - මහජනතාවගෙන් පැසසුම්

    රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා දීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමේ අරමුණින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (5) දින බත්තරමුල්ල දියත උයනේදී යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. යුද හමුදා සේවා වනිතා ඒකකය (ASVU) මෙම ප්‍රජා එන්නත්කරණ වැඩසටහනට පහසුකම් සපයයි.