2019-03-13 17:31:14
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි ආධාරක අවි තරඟාවලිය - 2019 හි අවසන් මහා තරඟය යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සඳුදා (11) දින පැවත්වූ අතර, එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය.
2019-03-08 15:56:42
“වසර 10 කට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අයුරින් නීතිමය බලතල අප වෙත ලැබූනහොත්, නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමට සුදානම් බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (08) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
2019-03-08 11:38:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රීඩා ක්ෂේත්රයේ වාර්තා බිහිකරමින් ඉතා උසස් මට්ටමකට ලඟාවෙමින් පසු වන අතර, යුද්ධ හමුදා බැට්මින්ටන් කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘ඩිපෙන්ඩර්ස් විවෘත ශ්‍රේණිගත බැඩ්මින්ටන් තරඟාවලිය - 2019’ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 2 සිට 8 දින දක්වා පැවැත්වීමට නියමිතය.
2019-03-06 16:27:04
රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2019-03-05 08:06:42
කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුන්ගේ ඡායාරූප සංගමය විසින් සංවිධානය කරන ලද 'Spectrum 19' ඡායාරූප ප්‍රදර්ශනය සිකුරාදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබූ අතර එහිදී ප්‍රදර්ශනය සඳහා සහභාගීවූවන් ඇගයූමට ලක් කරමින් සහතිකපත් ප්රදානය කළහ.
2019-02-27 18:56:44
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින්ගේ ප්‍රධානී ශ්‍රී ලංකා සහ මාලදිවයින ජනරජයේ රුසියානු සමූහාණ්ඩු තානාපති ගරු යූරි බොරිසොවිච් මහතා (HE Mr Yuri Borisovich) බදාදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, දෙරටේ හමුදාවන් අතර පවත්නා සහයෝගීතාව තවදුරටත්...
2019-02-26 15:11:43
නිදන්ගත වකුගඩු රෝග සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ (CKDs) මූලිකත්වයෙන් මහනුවර ශීක්ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල මහල් 7 කින් සමන්විත ‘වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය’ සඳුදා (25) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී විවෘත කරන ලදී.
2019-02-24 22:43:55
පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය සහ පානදුර - මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.
2019-02-24 20:01:25
සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය සෙනසුරාදා (23) දින විවෘත කරන ලදී.
2019-02-21 15:02:53
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යුධ හා නව තාක්ෂණික නිෂ්පාදන හා අනෙකුත් උපාංග නිපදවනු ලබන හෝමාගම, පිටිපන පිහිටි සංවර්ධන හා පර්යේෂණ මධ්‍යාස්ථානය (CRD) වෙත බදාදා (20) උදෑසන නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එහිදි උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.