07th September 2020 20:40:04 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලබන ‘Finger Swift-2020’ නැමැති නව්‍ය තොරතුරු තාක්ෂණ මෘදුකාංග සංවර්ධන විසඳුම් එකතුව සහ විවිධාංගීකරණ තොරතුරු තාක්ෂණ යෙදුම යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (07) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ දී හඳුන්වාදෙන ලදී.
07th September 2020 17:30:33 පැය
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ චරිතාපදානය මෙන්ම එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය අළලා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් රචිත ‘ගෝඨාභය’ නම් කෘතියෙහි සිංහල අනුවාදය සහ ‘පාතාලයෝ’ නැමැති නවකථාව එළිදැක්වීමේ සමාරම්භක උත්සවය අද (06) දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
07th September 2020 15:09:33 පැය
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අංක 07 දරණ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පිරිසක් ඔවුන්ගේ විෂයය මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් යුද්ධ හමුදා සැපයුම් ක්ෂේත්රය හා භටකාර්ය සම්පාදනය පිළිබඳ මනා දැනුමක් සහ වඩා පුළුල් අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සදුදා (07) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති...
04th September 2020 19:32:01 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පැසසුමට ලක් කිරීම වෙනුවෙන් එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
03rd September 2020 22:28:02 පැය
රී ලංකාව තුළ මේවන විට විදේශයන්හී සිට පැමිණි පුද්ගලයින් පමණක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර, සමාජය තුළින් කොවිඩි -19 වෛරසය ආසාදිතයින් පසුගිය අප්‍රේල් මස 30 දින සිට මේවන තෙක් හමුවී නොමැති බව කොවිඩ් - 19 වෛරසය පිළිබඳ කාර්ය සාධක බළකායේ සැසිවාරය අමතමින් අද (03) දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...
02nd September 2020 19:46:01 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න එකම පාසලේ ඉගෙනුම ලබා, එකම දිනයක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, එකම කෙඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව හදාරා එකම දිනයක අධිකාරියට පත්ව එකම දිනයක උසස්වීම් ලද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා...
01st September 2020 10:00:58 පැය
ද්ධ හමුදාව සතු විවිධ කුසලතාවයන් පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කරමින් යාපනය මිත්‍රත්ව සංවිධානයේ (Friends of Jaffna) සහ වඩුකෝඩේ දකුණ ගොවි සමිතියේ සභාපති ආචාර්ය සිදම්බරන් මෝහන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් වඩුකෝඩේ බටහිර ප්‍රදේශයේ චන්කනායි...
01st September 2020 08:02:20 පැය
යුද්ධ හමුදාව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකරදීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දානපතියන් රැසක් මේ වනවිටත් ඉදිරිපත්ව සිටින අතර, ඒ අනුව...
30th August 2020 18:47:42 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ ප්‍රධානත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්හී ශ්‍රම දායකත්වයෙන් 20 වන වරටත් ඉදිකරනු ලැබූ නව නිවස ඉකුත් සිකුරාදා (28) දින පැවති චාම් උත්සවයකදී මිහින්තලේ ප්‍රදේශයේ වෙසෙන ආර්ථික අපහසුතා වලින් පෙළෙන පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබිණි.
27th August 2020 16:46:36 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ගුරුප් කපිතාන් ෂෝන් අන්වින් (Group Captain Sean Unwin), බ්‍රහස්පතින්දා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවි සුහඳ ...