Header

Sri Lanka Army

Defenders of the Nation

පුවත් විශේෂාංග

  • කිලිනොච්චි භට පිරිස් හට විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණුවක්

    14th September 2018 14:51:34 පැය

    කිලිනොච්චි භට පිරිස් හට විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණුවක්

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහ ලේක්හවුස් ආයතනයේ විශීෂ්ඨ විඩියෝකරණ සහ ඡායාරූපකරණ ශීල්පින් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කිලිනොච්චියේ පිහිටි සියලුම ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් මස 3 දින සිට 5 දින දක්වා කිලිනොච්චි බාරතිපුරම් උසස් ශාරීරික පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

  • ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි

    13th September 2018 18:34:18 පැය

    ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි

    10 වන ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් බ්‍රහස්පතින්දා (13) දින කොළඹ 13, සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එච්.ඩී.වී. ලක්ෂානි තුන්පිම්ම තරඟ ඉසව්වේ මීටර් 13.58 ක් පනිමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම තරගාවලියේ අවසන් තරගය ඉරිදා....

  • මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

    13th September 2018 16:19:17 පැය

    මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

    මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති මේජර් ජෙනරාල් ජින් පාවුල් ඩෙකොනික් (Major General Jean - Paul Deconinck) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන් වෙත සංග්‍රාමික රථ ආරක්‍ෂක....

  • විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා පාපැදි ධාවකයින් ඇගයුමට

    12th September 2018 14:53:14 පැය

    විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා පාපැදි ධාවකයින් ඇගයුමට

    විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු පාපැදි ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 2, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරි නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග සහ කමිටු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද.....

  • 513 බලසේනාවේ සංවත්සර වැඩසටහන භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනින් අරඹයි

    12th September 2018 14:35:50 පැය

    513 බලසේනාවේ සංවත්සර වැඩසටහන භට පිරිස් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනින් අරඹයි

    යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් කීරමලේ පිහිටි 513 වන බලසේනා මුලස්ථානයේ 23 වන සංවත්සරයට සමඟාමිව උතුරු පළාතේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් 45 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී රුධිරය පරිත්‍යාග කරන ලදී.

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම

    11th September 2018 19:13:34 පැය

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීම

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 30 කට ආසන්නව පැවති දරුණු යුද්ධය විජයග්‍රාහි ලෙස නිමාකර මේ වන විට වසර 09 ක් අවසන්ව ඇත. එම වසර 09 ක කාලසීමාව තුල අත්දැකීම් සහිත යුද්ධ හමුදාධිපතිවරුන් සිව්දෙනෙකු යුද්ධ හමුදාවට අණදීම සිදුකර ඇති අතර, ඔවුන් සියළුදෙනා විසින්ම යුද්ධ හමුදාවේ යුධමය සූදානම උසස් තත්වයක තබාගැනීම සඳහා විවිධ අන්දමේ පුහුණු වැඩසටහන් හා අභ්‍යාස ආරම්භ කර ඇති අතර.....

  • විශ්වමඩු ප්‍රදේශවාසින් සඳහා භට පිරිස් විසින් පානීය ජලය බෙදාදේ

    11th September 2018 18:58:34 පැය

    විශ්වමඩු ප්‍රදේශවාසින් සඳහා භට පිරිස් විසින් පානීය ජලය බෙදාදේ

    මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සිවිල් වැසියන් සඳහා එම ප්‍රදේශය පුරා ජංගම පානීය ජලය සැපයීමේ සේවාවක් කිලිනොච්චි 57 වන සේනාංක මුලස්ථානය විසින් සැප්තැම්බර් 4 වන දින සිට දියත් කර ඇත. පවතින දැඩි නියං කාලගුණික තත්වය හේතුවෙන් ජල උල්පත් හා ජල මුලාශ්‍ර සිදීයාම හේතුවෙන් පීඩාවට පත් ව සිටින විශ්වමඩු ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්.....

  • නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සිය ධුරයේ රාජකාරි අරඹයි

    11th September 2018 18:43:34 පැය

    නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සිය ධුරයේ රාජකාරි අරඹයි

    නව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී පීරිස් සෙනසුරාදා (15) දින මත්තේගොඩ, ක්‍ෂේත්‍ර ඉංජිනේරු මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරඹන ලදී.

  • 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

    11th September 2018 18:18:34 පැය

    1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

    කිලිනොච්චි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අඟහරුවාදා (11) දින කණ්ඩවාලි ග්‍රාමිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදුකරන ලදී.

  • සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටියේ දී

    11th September 2018 18:13:34 පැය

    සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇඹිලිපිටියේ දී

    ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය (FWDC) සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් ධාවන පැදි ධාවකයින්ගේ සංගමය (SLMRC) සමඟ එක්ව වාර්ෂික 8 වන වරටත් සංවිධානය කරනු ලැබූ සැපර්ස් ‘4x4 ජිම්පෝ - 2018’ තරඟාවලිය ඇඹිලිපිටිය, මෝටර් ක්‍රොස් ධාවන පථයේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දිනයන්හි දී පවත්වනු ලැබීය.