Header

Sri Lanka Army

Defenders of the Nation

පුවත් විශේෂාංග

  • මධ්‍යම භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

    15th September 2018 16:29:56 පැය

    මධ්‍යම භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

    මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ඉල්ලීමකට අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෘත්තීකයින් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (14) දින පවත්වනු ලැබීය.

  • යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

    14th September 2018 14:52:53 පැය

    යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

    විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 19 දින සිට 21 දින දක්වා හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

  • කිලිනොච්චි භට පිරිස් පාසල් සිසුන්ට පාපැදි නැවතීමට ස්ථානයක් ඉදිකරයි

    14th September 2018 14:52:44 පැය

    කිලිනොච්චි භට පිරිස් පාසල් සිසුන්ට පාපැදි නැවතීමට ස්ථානයක් ඉදිකරයි

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පාපැදි නවතාලීම සඳහා (20’ x 60’) ප්‍රමාණයේ පාපැදි නැවැතීමට ස්ථානයක් ඉදිකරදුන් අතර බදාදා (12) දින පැවැති කෙටි උත්සවයකින් අනතුරුව.....

  • යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

    14th September 2018 14:52:30 පැය

    යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව අලන්කුලම්, තුනුක්කායි හී යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බදාදා (12) දින සංචාරයක නිරතවිය.

  • ‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

    14th September 2018 14:52:25 පැය

    ‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

    කිලිනොච්චි ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් ‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලයින් දැනුවත් කිරීමේ දේශනයක් සැප්තැම්බර් මස 12 දින සිට 14 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

  • හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

    14th September 2018 14:52:21 පැය

    හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

    හපුතලේ යහලබැද්ද විද්‍යාලයේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගේ සහයෝගිත්වය ඇතිව ඉරිදා (09) දින පාසල් ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාපිටියට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය. එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්.....

  • කිලිනොච්චි භට පිරිස් හට විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණුවක්

    14th September 2018 14:51:34 පැය

    කිලිනොච්චි භට පිරිස් හට විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණුවක්

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහ ලේක්හවුස් ආයතනයේ විශීෂ්ඨ විඩියෝකරණ සහ ඡායාරූපකරණ ශීල්පින් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කිලිනොච්චියේ පිහිටි සියලුම ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් මස 3 දින සිට 5 දින දක්වා කිලිනොච්චි බාරතිපුරම් උසස් ශාරීරික පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

  • ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි

    13th September 2018 18:34:18 පැය

    ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවක් නව වාර්තාවක් පිහිටුවයි

    10 වන ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් බ්‍රහස්පතින්දා (13) දින කොළඹ 13, සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එච්.ඩී.වී. ලක්ෂානි තුන්පිම්ම තරඟ ඉසව්වේ මීටර් 13.58 ක් පනිමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම තරගාවලියේ අවසන් තරගය ඉරිදා....

  • මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

    13th September 2018 16:19:17 පැය

    මිනුස්මා (MINUSMA) බලකා ආඥාපති ශ්‍රී ලංකා කඳවුරේහි සංචාරයක

    මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති මේජර් ජෙනරාල් ජින් පාවුල් ඩෙකොනික් (Major General Jean - Paul Deconinck) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) කාර්යභාරය පිළිබඳ සොයා බැලීම සඳහා නිල සංචාරයක නිරතවිය.කඳවුරු පරිශ්‍රයට සපැමිණි ආඥාපතිතුමන් වෙත සංග්‍රාමික රථ ආරක්‍ෂක....

  • විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා පාපැදි ධාවකයින් ඇගයුමට

    12th September 2018 14:53:14 පැය

    විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු යුද්ධ හමුදා පාපැදි ධාවකයින් ඇගයුමට

    විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු පාපැදි ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 2, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරි නිවස්න පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග සහ කමිටු සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද.....