2023-08-28 22:12:45
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-28 22:09:45
5 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 36 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් අගෝස්තු මස 15 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-08-27 09:51:54
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ARFRO Master Mind Competition - 2023’ වැඩසටහන පසුගිය සිකුරාදා (අගෝස්තු මස 25) දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-08-27 09:48:51
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් චුන්නාලේ දකුණු ප්‍රදේශයේ පිහිටි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූ ගොඩනැගිලි සහ අනෙකුත් ස්ථානයන්හි එම ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කර අගෝස්තු මස 21 දින පාසල් සිසු සිසුවියන්ගේ අයිතියට පවරාදුන්හ.
2023-08-27 09:41:08
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ අතිගරු තානාපතිනි ජූලි චන්ග් (HE Julie Chung) මහත්මිය, ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් (Lieutenant Colonel Anthony C Nelson) සහ සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් (Seth Nevins) මහතා උතුරු පළාතේ සිදුකළ සංචාරය අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 24) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 1 බලකායේ සංචාරයක නිරතවූහ.
2023-08-27 09:35:34
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පි පිඑස්සි අයිජි අගෝස්තු මස 21 සිට 23 දින දක්වා අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-08-25 20:34:55
513 පාබල බලසේනාවේ 28 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාවේ 150 කට අධික භටපිරිසක් ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 19) යාපනයි තෙලිප්පලෙයි මූලික රෝහල් පරිශ්‍රයේදී රෝගීන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිර පරිත්‍යාග කරන ලදී.
2023-08-25 20:28:34
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවර් ප්‍රාස් (Mr. Oliver PRAZ) මහතා සහ ප්‍රථම ලේකම් (දේශපාලන) ජස්ටින් බොයිලියට් (Mr. Justine BOILLIA) මහතා ඉකුත් බදාදා දින (2023 අගෝස්තු මස 23) ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සුහද සංචාරයක නිරත වූහ.
2023-08-25 20:20:09
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වායු මෙට්ට අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් 143 පාබල බලසේනාවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වයෙන් එම රෝහලට වායු මෙට්ට 10 ක් පසුගිය සඳුදා දින (අගෝස්තු 21) ප්රදානය කරන ලදී.
2023-08-25 20:12:26
විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස 2023 අගෝස්තු මස 21 දින කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.