Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

පුවත් විශේෂාංග

  • පුතූර් හි පාසල් සංවර්ධනය සඳහා 1 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් හි සහාය

    05th September 2018 10:10:31 පැය

    පුතූර් හි පාසල් සංවර්ධනය සඳහා 1 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් හි සහාය

    පුතූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ පාසල් බලධාරින්ගේ උපදෙස් මත හා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධික්‍ෂණය යටතේ 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 522 බලසේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් නිවාඩු කාලසීමාව තුල අළුත්වැඩියා කරන ලද සනිපාරක්‍ෂක වැසිකිළි පද්ධතිය සිසු අයිතියට පත් කිරිම සඳුදා (3) දින සිදුකරන ලදී.

  • විදේශ මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    03rd September 2018 18:58:40 පැය

    විදේශ මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස් තිලකරත්න අඟහරුවාදා (31) දින පැවැති උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය. විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පළමු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එම්.එම්.එස්. පෙරේරා නුදුරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිතව ඇති බැවින් නව විදේශ මෙහෙයුම්...

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සඳහා නව නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට මූල්ගල තබයි

    03rd September 2018 18:58:40 පැය

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සඳහා නව නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට මූල්ගල තබයි

    විවේකීව නිවාඩුවක් ගතකිරීම සඳහා දියතලාව ප්‍රදේශය වෙත පැමිණෙන නිලධාරීන් වෙනුවෙන් වැඩි පහසුකම් සැපයීමේ අරමුණින් දියතලාව, බෝධිකන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි හලංගොඩ වැව් ඉස්මත්තේ නව නිලධාරි නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාමේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සෙනසුරාදා...

  • වෙබ්මලෙයි දේවස්ථාන උත්සවය සඳහා 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහාය

    03rd September 2018 18:48:50 පැය

    වෙබ්මලෙයි දේවස්ථාන උත්සවය සඳහා 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහාය

    මූලන්කාවිල් (බටහිර) ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පිහිටි වෙබ්මලෙයි දේවස්ථානයේ වාර්ෂික උත්සවය අගෝස්තු මස 25 සහ 26 දින පැවැති අතර, 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙනු ලැබීය.

  • 68 වන සේනාංකය විසින් ළමා නිවාසයක් සඳහා දානමය පුණ්‍යකර්මයක්

    03rd September 2018 18:10:55 පැය

    68 වන සේනාංකය විසින් ළමා නිවාසයක් සඳහා දානමය පුණ්‍යකර්මයක්

    මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේවයේ නියුතු සියළුම භට පිරිස් විසින් සුහදත්වය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පුදුකුඩිඉරිප්පු, ඊනියා වල්වු ඉල්ලාම් ළමා සුරැකුම් මධ්‍යස්ථානය (Iniya Walwu Illam Child Care Centre) වෙත සෑම සෙනසුරාදා දිනකම ප්‍රධාන ආහාර වේල් 3 සඳහා දායකත්වය සපයනු ලබයි.

  • 65 වන සේනාංකය විසින් පැවැත්වූ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සාර්ථකව අවසන්

    03rd September 2018 18:10:47 පැය

    65 වන සේනාංකය විසින් පැවැත්වූ තොරතුරු තාක්‍ෂණ පාඨමාලාව සාර්ථකව අවසන්

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු තොරතුරු තාක්‍ෂණ පාඨමාලා අංක - 03 සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 ක් සහභාගි වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය සිකුරාදා (31) දින පැවැත්විණි.

  • 224 වන බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි

    03rd September 2018 18:00:09 පැය

    224 වන බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි

    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 224 වන බලසේනාවේ විශේෂ වැඩසටහන් රැසක් සමඟින් සෙනසුරාදා (25) දින සිය 7 වන සංවත්සරය සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර වෙත ශ්රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

    01st September 2018 23:18:11 පැය

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය හමුදා සම්ප්‍රදායානුකුලව සෙනසුරාදා (01) දින එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. නික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.

  • නේපාලයේ පැවැති ‘2 වන COAS ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය - 2018’ හිදී විශේෂ බලකා කණ්ඩායම දස්කම් දක්වයි

    01st September 2018 13:18:11 පැය

    නේපාලයේ පැවැති ‘2 වන COAS ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය - 2018’ හිදී විශේෂ බලකා කණ්ඩායම දස්කම් දක්වයි

    නේපාලයේ පැවැති ‘2 වන COAS ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය - 2018’ හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ විශේෂ බලකා කණ්ඩායම දස්කම් දක්වමින් සමස්ථ තරඟාවලියේ පස්වන ස්ථානය හිමි කරගැනීමට සමත්විය.

  • 651 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් දෙකක් දියත් කරයි

    01st September 2018 06:20:11 පැය

    651 සහ 653 වන බලසේනාවන්හි භට පිරිස් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් දෙකක් දියත් කරයි

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 653 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සෙනසුරාදා (25) දින පලෛයිනගර් විද්‍යාල පරිශ්‍රය සහ අඟහරුවාදා (28) දින පල්ලවාරයන්කඩ්ඩු පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහනක් පවත්වනු ලැබීය.