2024-03-15 15:00:40
නාවට්කුලි පිහිටි 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් ලක්දරු පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා 2024 මාර්තු මස 12 දින දිවා ආහාර වේලක් පිරිනමනු ලැබීය.
2024-03-14 16:19:44
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලය මඟින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් බදාදා (මාර්තු මස 13) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරතවූහ.
2024-03-14 16:16:58
මොණරාගල, මාරගලකන්ද රක්ෂිතයේ 2024 මාර්තු මස 11 දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
2024-03-14 16:09:40
උඩවලව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 මාර්තු මස 12 දින ඇඹිලිපිටිය, වවුල්පනේ රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2024-03-14 16:07:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘ස්වයං සරඹ පුහුණු ප්‍රදේශය’ (Drill Nursery) (මාර්තු මස 01) දින භටපිරිස් සදහා විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ප්‍රථම බලකාධිපති බ්‍රිගේඩියර් ජී.වී. ඇලපාත (විශ්‍රාමික) වීඑස්වී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගි විය.
2024-03-14 15:55:48
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 පෙබරවාරි මස 28 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය. එම රෙජිමේන්තුවේ භටපිරිස්හී සුවදුක් විමසා බැලීම, රෙජිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සහ එම රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි.
2024-03-14 14:26:57
චීන මහජන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ මේජර් ජෙනරල් ෂැං බෝකුන් (Major General Zhang Baoqun) ප්රමුඛ චීන නියෝජිත පිරිස 2024 මාර්තු මස 08 දින ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරතවූහ.
2024-03-14 14:24:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 මාර්තු මස 06 සහ 07 දෙදින තුළ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත වෙමින් එම ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසා බැලීය.
2024-03-12 17:06:48
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මන්දාරම්නුවර ප්‍රදේශයේ
2024-03-12 17:02:47
14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම 2024 මාර්තු මස 07 දින ‘බේරූට්’ (Beirut) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා හමුවිය.