Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුවත් විශේෂාංග

  • උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිට එම සේනාංකයේ ගෞරවාචාරය

    2023-02-13 21:30:25

    උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිට එම සේනාංකයේ ගෞරවාචාරය

    අභිනවයෙන් උසස්වීම් ලබා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවා පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන වෙත පසුගිය බදාදා (8) දින එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුදකරන ලදී.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් නිල සංචාරයක

    2023-02-13 21:25:25

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් නිල සංචාරයක

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය 08 සහ 09 සහ දිනයන්හිදී යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානය, යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරයේ නිරත විය.

  • ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ක්‍ෂේත්‍ර සංචාරයක

    2023-02-13 21:20:25

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ක්‍ෂේත්‍ර සංචාරයක

    ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පල්ලෙකැලේ පිහිටි 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ප්‍රථම නිල සංචාරය පසුගිය බදාදා (08) දින සිදු කරන ලදී. එතුමන් මීට වසර 13 කට පමණ පෙර එම ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ඒකකයේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් චමිල ලහදසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

  • පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති නුවරඑළියේ නිල සංචාරයක

    2023-02-13 20:30:25

    පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති නුවරඑළියේ නිල සංචාරයක

    පස් දින නිල සංචාරක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සහීර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M) ) පසුගිය සෙනසුරාදා (11) දින නුවරඑළිය ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා සහභාගී වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

  • ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, සිය බලප්‍රදේශයේ සංචාරයක

    2023-02-13 20:20:25

    ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, සිය බලප්‍රදේශයේ සංචාරයක

    ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයේ යාවත්කාලීන කිරීම් ලබාගැනීම සහ පරිපාලන ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (10) දින එම ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

  • ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, සිය බලප්‍රදේශයේ සංචාරයක

    2023-02-13 20:10:02

    ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, සිය බලප්‍රදේශයේ සංචාරයක

    ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ඉකුත් සෙනසුරාදා (11) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ සහ මින්නේරිය යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

  • 23 වන පාබල සේනාංකයේ භටපිරිස් ‘මහ’ කන්නයේ වී අස්වැන්න නෙළා ගනී

    2023-02-12 10:00:06

    23 වන පාබල සේනාංකයේ භටපිරිස් ‘මහ’ කන්නයේ වී අස්වැන්න නෙළා ගනී

    පූනායි ප්‍රදේශයේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ‘මහ’ කන්නයේ වපුරන ලද අක්කර 50ක වී වගාවේ අස්වැන්න පසුගිය බ්‍රහස්පතින්දා (09) දින නෙළා ගනු ලැබූහ.

  • දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල එළවළු සහ වී අස්වැන්න නෙලීම ආරම්භ කරයි

    2023-02-10 11:32:05

    දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල එළවළු සහ වී අස්වැන්න නෙලීම ආරම්භ කරයි

    රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල දැනට මාස කිහිපයකට පෙර වගා කරන ලද මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵළදාව නෙලීමේ කටයුතු ආරම්භ කරන ලදී.

  • 613 වන බලසේනාවේ 12 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    2023-02-05 18:24:20

    613 වන බලසේනාවේ 12 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්දික ජයවීර ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ අභිමානවත් 12 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සිකුරාදා (20) දින හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලැබිණි.

  • 144 වන බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සරය සැමරේ

    2023-02-05 18:10:43

    144 වන බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සරය සැමරේ

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි 144 වන බලසේනාවේ 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ මූලිකත්වයෙන් ජනවාරි මස 31 දින සිට පෙබරවාරි මස 01 දින දක්වා බෞද්ධ ආගමික වතාවත් සහ හමුදා විධිවිධාන මධ්‍යයේ සැමරුම් උත්සවයක් පැවැත්විණි.