2023-03-06 08:40:47
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි.
2023-03-04 21:57:33
උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. ජීවන් ත්‍යාගරාජා මහතා ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පසුගිය බ්‍රහස්පතින්දා (02) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර හමුවූයේය.
2023-03-03 18:14:10
ආරක්ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ (APCSS) හිටපු උපාධිධාරීන් පිරිසක් පසුගිය සඳුදා (27) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සාකච්ඡාවක නිරතවිය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මැතිණිය සහභාගි වූවාය.
2023-03-03 17:10:08
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන පාබල බලසේනාවේ 16 වන සංවත්සරය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින තුළ පවත්වනු ලැබිණි.
2023-03-02 16:45:32
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්ෂණ චාරිකාවක, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පෙබරවාරි 28 (අඟහරුවාදා) දින නිරත වූයේය.
2023-02-27 09:58:00
68 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (23) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. 68 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම වෙත එම මූලස්ථානයේ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වූහ.
2023-02-27 09:25:02
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයේ රාජකාරි කර එම ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (පෙබ 22) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2023-02-17 21:29:47
උසස්වීම් ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකාය මූලස්ථානයේදී පැවැත්විණි.
2023-02-17 21:26:37
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය සිකුරාදා (පෙබරවාරි 10) දින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
2023-02-17 21:24:03
පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ ගේ මඟපෙන්වීම මත පෙබරවාරි මස 14 සහ 15 දෙදින තුළ බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.