2023-06-12 18:54:36
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී මෝදර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (2023 ජුනි මස 07) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2023-06-11 20:23:40
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජුනි මස 09 දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-06-11 20:17:56
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ 29 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී 2023 ජුනි මස 07 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-06-11 15:47:53
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ජුනි මස 08 දින අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 77 වන වියේ පසුවිය. එතුමන්ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.
2023-06-11 12:11:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (05) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2023-06-10 18:14:02
ශ්‍රී ලංකා පාබල හමුදාවේ අවශ්‍යතා සහිත රණවිරුවෙකු වෙනුවෙන් එම රෙජිමේන්තුව වෙතින් ඉදිකරනු ලැබූ නව නිවසක් ඔහු වෙත නිල වශයෙන් පවරාදීමේ උත්සවයක් ජුනි මස 8 දින අනුරාධපුර, මහදංගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.
2023-06-10 18:06:46
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුනි මස 07) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2023-06-10 18:04:18
ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයක නිරත නයිජීරියානු යුද්ධ හමුදාවේ පුහුණු හා මූලධර්ම අංශයේ අණදෙන නිළධාරී මේජර් ජෙනරල් එස්ඕ ඔලබන්ජි (Major General SO Olabanji) ප්රමුඛ නයිජීරියානු ආරක්ෂක දූත පිරිස සිය සංචාරයේ එක් අදියරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (08) දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සංචාරයක නිරතවූහ. සංචාරයේ නිරත දූත පිරිස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2023-06-10 18:00:46
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකායේ 4 වන බලකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 08) දින හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-06-10 17:58:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023 ජුනි මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.