11th January 2018 13:02:40 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස්, මහරගම ‘බෞද්ධ ආර්යා පදනමේ’ අනුග්‍රාහකත්වය ඇතිව වැලිකන්ද ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන් පෝෂ්‍යදායී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඬංගු පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉරිදා (17) දින වැලිකන්ද, මොණරතැන්න විහාරස්ථානයේ දී පවත්වනු ලැබීය.
11th January 2018 12:53:26 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, ‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනම’ (SLSDF) සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනයක් යාපනය, මිරුසුවිල් පිහිටි උෂාන් රාමදාන් විද්‍යාලයේදී ඉරිදා (24) දින පැවැත්වූ අතර, එහිදී සිවිල් වැසියන් 400 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශණ ලබාදෙනු ලැබීය.
09th January 2018 12:33:10 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් දියතලාව නගරය අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් අඟහරුවාදා (12) දින දියත් කරනු ලැබීය. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණි.
09th January 2018 12:20:07 පැය
මුලතිව් දිස්ත්‍රික්කයේ මරිටයිම්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔඩ්ඩුසුඩාන් පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාවේ සහයෝගයෙන් සම්ප්‍රදායික වශයෙන් පොල් වගානොකරන ප්‍රදේශයන් වන ඔඩ්ඩුසුඩාන්, මුලතිව් සහ පුතුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන් හි පොල් වගා කිරිම ව්‍යාප්ත කිරිමේ ජාතික මෙහෙවරට දායක වෙමින් 68 වන සේනාංකයේ.....
09th January 2018 11:52:35 පැය
22 වන සේනාංක භට පිරිස්, පොලිසීය සහ ‘ලක් කළණ සමාජය’ සමඟ එක්ව සංවිධානය කරන ලද අක්ෂි සායනයක් සෙනසුරාදා (09) දින ත්‍රිකුණාමලය ශ්‍රී විජයාරාමය විහාරස්ථානයේ දී පැවැත්වු අතර එහිදී දෘෂ්‍යාබාධ සහිත ආර්ථීක අපහසුතාවයන්ගෙන් පෙලෙන සාමන්‍ය වැසියන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි 300 ක් බෙදාදීම සිදුවිය.
25th December 2017 13:57:08 පැය
කොළඹ කැපිටල් සිටි රොටරි සමාජයේ පුර්ණ අනුග්‍රහකත්වයෙන් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් වැල්ලවාය ප්‍රදේශයේ තෝරාගත් පාසල් 18 ක ආර්ථික අපහසුතාවයන් ඇති පාසල් සිසුන් 1001 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
25th December 2017 13:46:00 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස්, කොළඹ ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය’ සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පවත්වා අක්ෂි ආබාධ ඇති සිවිල් වැසියන් 398 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් ඉරිදා (10) දින පූනරින් හි පිහිටි කීරන්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ දී පවත්වනු ලැබීය.
25th December 2017 13:27:26 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි, අලංකුලම් ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් හට උදව් පිණිස සහ ඔවුන් ධෛර්යමත් කිරීමේ අදහසින් ඉරිදා (10) දින වගා කටයුතු සඳහා ධාන්‍ය හා එළවළු බීජ බෙදාදීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලදී.
22nd December 2017 11:11:24 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කුායි ප්‍රදේශයේ පිහිටි තේනියන්කුලම් රජයේ දමිළ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (07) දින සංවිධානය කරනු ලැබීය.
22nd December 2017 11:04:43 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් දෙසැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි දී සමනලවැව බලාගාර ජල පෝෂක රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම ආරක්ෂක සේනා .....