09th June 2018 11:42:33 පැය
පේරාදෙණිය, පිළිමතලාව ප්‍රදේශයේ වේගයෙන් ජලය ගලායන ඇල මාර්ගයකට වැටුණු පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර එම පුද්ගලයා සොයා සිකුරාදා (25) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 11 වන සේනාංකයේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
09th June 2018 11:32:17 පැය
කිලිනොච්චිය, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උලියන්කුලම වැව් බැම්මේ ප්‍රධාන ස්ථානයක බීදිමක් ඇති බැව් ගම්වාසින් විසින් දැනුම්දීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 150 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් හා 100 කට වැඩි ගම්වාසීන් පිරිසක් එක්ව ඉරිදා (27) දින පෙරවරුවේ වැලි කොට්ට 2800 ක් පමණ අසුරමින් වැව් බැම්මේ ඇතිවී තිබෙන හානිය වළක්වාලීමට කටයුතු කරන ලදී.
03rd May 2018 13:26:53 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ගුණ ජය සතුට’ පදනමේ ප්‍රධානී කුෂිල් ගුණසේකර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 10 දෙනෙකු සඳහා නව පාපැදි බෙදාදෙන ලදී.
03rd May 2018 13:08:43 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව කොළඹ, ධර්ම විජය පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව පූතුර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට දීර්ඝකාලිනව අවශ්‍යතාවයක්ව පැවැති පාසල් සංගීත කණ්ඩායමට අවශ්‍ය උපකරණ, විදුලි පංකා, පාපැදි සහ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ තොගයක් අඟහරුවාදා (20) දින පරිත්‍යාග කරනු ලැබීය.
03rd May 2018 12:54:33 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් හිනායා ගුණතිලක මහත්මිය සහ හරින් ගුණතිලක මහතා ගේ අනුග්‍රාහකත්වයෙන් වැලිකන්ද රුහුණුකෙත ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදා දීම සිකුරාදා (16) දින සිදුකරන ලදී.
19th April 2018 16:06:01 පැය
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් එම රෝහලේ වාට්ටු අංක 3 සහ 4 හි අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.
19th April 2018 16:03:03 පැය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 100 අධික යුද්ධ හමුදා භට පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී.
19th April 2018 15:59:50 පැය
ගැටුම් පැවති කාලසීමාවේදී ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.4 ක ප්‍රමාණයක් මෑතකදී නීත්‍යානුකූල අයිතිකරුවන් සොයා නිදහස් කරන ලද අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි පසුගියදා (26) එම ප්‍රදේශවාසින් වෙත පානීය ජලය ලබා දිමේ තවත් ප්රජාසත්කාරක ව්‍යාපෘතියක්ද දියත් කරන ලදි.
29th March 2018 11:06:22 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ 2018 මාර්තු මස 01 වන දින ........
28th March 2018 13:12:14 පැය
ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපල යථා තත්තවයට පත්කිරීම සහ අළුත්වැඩියා කිරීමේ කටයුතු මෙන්ම නුවර - මහියංගනය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ඉතා දුෂ්කර අභියෝගයන් මධ්‍යයේ අද (16) දින ආරම්භ කරන ලදී.