13th January 2017 15:08:45 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව තවත් ප්‍රජා සේවා වැඩසටහනක් ලෙස......
13th January 2017 08:51:17 පැය
බම්බලපිටිය, ශ්‍රී වජිරාරාම විහාරාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වව්නියාව, වෙහෙරතැන්න ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ද සහාය ඇතිව ඉදිකරන ලද වගා ළිං 03 ක් ඉරිදා (08) දින විවෘත කරන ලදි.
13th January 2017 08:44:11 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ 62 සේනාංක මුලස්ථානයේ ස්ථාපිත 14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භඨ පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහගේ මඟ පෙන්වීම යටතේ සම්පත්නුවර ‘රණවිරු පියස’ ගම්මානයේ පිහිටි අතහැර දැමු ප්‍රජාශාලා ගොඩනැගිල්ල ගම්වාසින්ගේ ආධාර ද ඇතිව කුඩා ළමුන් සඳහා පෙර පාසලක් බවට පත් කරන ලදි.
10th January 2017 17:45:28 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 112 බලසේනාව යටතේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සෙනසුරාදා (7) දින නුවරඑලිය Our Lady College හි ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
10th January 2017 17:43:33 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
06th January 2017 20:54:22 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ අංශය විසින් කළ තෝරා ගැනීම්වලට අනුව වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම සහ නාමල්ගම ප්‍රදේශයේ අඩු ආදාම්ලාභී පවුල් 10 ක් වෙත බෞද්ධ ගිහියන් විසින් නිදහස් කරනු ලැබූ ගවයින් 17 ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංගගේ ප්‍රධානත්වයෙන් බෙදාදෙනු ලැබීය.
29th December 2016 11:48:05 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු පුබුදු සොයිසා මහත්මියගේ අරමුදල් මඟින් කාච්චෙයි සහ නාවත්කුලි යන ස්ථානවල සිවිල් වැසියන් හට අවශ්‍යa පානීය ජලය සැපයීම සඳහා නව නළ ළිං දෙකක් ස්ථාපනය කරන ලදි.
27th December 2016 16:27:54 පැය
යාපනය අර්ධද්විපයේ රැකියා විරහිත අයවළුන් හට රැකියා ලබාදීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ දී සහ 523 බලසේනා මුලස්ථානයේ දී සිකුරාදා (23) දින පවත්වන ලදි.
27th December 2016 16:03:40 පැය
66 වන සේනාංකයේ දැනුම්දීමකට අනුව කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ කොවිඳ තෙරුන් ප්රමුඛ දකුණේ වැසියන් කණ්ඩායමක් සඳුදා (26) දින පුනරින් ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත පාසල් උපකරණ විශාල තොගයක් බෙදාදෙන ලදි.
26th December 2016 23:16:30 පැය
ප්‍රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියගේ පුතණුවන් වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කළ රට වෙනුවෙන් දිවි පිදු කපිතාන් සංජීව අත්තනායක සිහි කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාවේ.....