12th August 2017 09:33:50 පැය
අලුත් හල්මිල්ලැව ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ පානීය ජල ප්‍රශ්නයට පිළියමක් ලෙස අලුත් හල්මිල්ලෑව විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (03) දින පවත්වන ලදී. අලුත් හල්මිල්ලෑව ප්‍රදේශයේ ජනතාවට සහ පාසල් ළමුන්ට දිර්ඝ කාලීනව අවශ්‍යතාවයක් පැවති පිරිසිදු ජලය සපයා ගැනීමේ ගැටලුවට පිළියමක් ලෙස සුනිමල් ක්රීස්තිගුගේ මහතා සහ.....
12th August 2017 09:31:23 පැය
සාලියවැව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් නොච්චියාගම ප්‍රදේශයේ සිවිල් වැසියන් හට නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක් බ්‍රහස්පතින්දා (27) දින නොච්චියාගම, තල්ගස්වැව විද්‍යාලයේ දී සිදු කරනු ලැබීය. යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ ගේ ඉල්ලීමකට අනුව 6 වන වරටත් සිදු කරනු ලැබූ මෙම.....
05th August 2017 10:24:46 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මීරිගම, ‘ගෞතම දරුවෝ ආර්ය පදනම’ හි අනුග්‍රහය ඇතිව වැලිකන්ද, මෛත්‍රීගම පදිංචි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදි.
05th August 2017 10:19:30 පැය
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.පී. අකුරන්තිලක ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ ‘ඉනර් වීල්’ (Inner Wheel) සමාජයේ සාමාජිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මන්නාරම, මාන්තෝට්ටම් ප්‍රදේශයේ ඉලුප්පායිකුලම් ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකල පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හා ප්‍රදේශයේ ජිවත්වන දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා පාපැදි බෙදාදීමේ උත්සවයක් ජූලි මස (10) දින පවත්වනු ලැබීය.
05th August 2017 10:11:21 පැය
නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නව පරිගණක තුනක් බ්‍රහස්පතින්දා (20) දින පරිත්‍යාග කර ඇත.
23rd July 2017 22:15:25 පැය
කතරගම දේව වන්දනාව සඳහා දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් වලින් සෑම වර්ෂයකම පැමිණෙන බැතුමතුන් මෙවර ද සෙනසුරාදා (15) දින පානම, ඔකඳ ශ්‍රී මුරුගන් කෝවිලේ පූජාවෙන් පසු කතරගම දක්වා ගමන් කළ අතර, ඔවුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 242 බලසේනාවට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සපයාදෙන ලදි.
23rd July 2017 22:03:21 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 522 බලසේනාවේ භට පිරිස් විසින් නාවට්කුලි මහා විද්‍යාලයීය සිසුන් සඳහා පානීය ජල පහසුකම් සලසාදෙනු ලැබීය.
23rd July 2017 21:58:26 පැය
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ හයවන අදියර, සඳුදා (17) දින වරාවැව, සිද්ධාර්ථ අවමංගල්‍යාධාර සමිති ශාලාවේ දී පවත්වන ලදි.
19th July 2017 13:41:37 පැය
කැළණිය රොටරි සමාජයේ ඉල්ලීමකට අනුව කැනඩාවේ ‘Sleeping Children Around the World’ (SCAW) වෙතින් ජූලි මස 06 සිට 11 දක්වා මඩකලපුව සහ අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල්වල වයස අවුරුදු 6 ත් 12 ත් අතර ළමුන් සඳහා සපත්තු යුගලක්, ටි ෂර්ට්, කලිසම්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ සහ මදුරු දැල්, ඇඳන්, කොට්ට, පැදුරු, කොට්ටඋර, ඇඳ ඇතිරිලි අඩංගු නිදන කට්ටල 5000 ක් බෙදාදෙනු ලැබීය.
15th July 2017 13:56:43 පැය
ඩෙංගු රෝගීන්ගේ පහසුව සඳහා යුද්ධ හමුදාව ගෙන ඇති තවත් පියවරක් ලෙස නව වෛද්‍ය පරීක්ෂණාගාරයක් අද (14) උදෑසන කිරිබත්ගොඩ මුලික රෝහලේ ස්ථාපිත කරන ලදි. යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත අතුරු වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර, මෙම රසායනාගාරයේ දී ඩෙංගු රෝගයට අදාළව රෝගීන්ගේ රුධිර පරීක්ෂාව නොමිලේ සිදුකරනු ලබයි.