23rd September 2017 20:18:18 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහ සාමාන්‍ය වැසියන් 200 කට අධික පිරිසක් අනෝන්‍ය සහයෝගය, සංහිඳියාව සහ මිත්‍රත්වයේ දෑත් එක් කරමින් තුනුක්කායි සහ වවුනිකුලම් ප්‍රදේශ හරහා දිවෙන කිලෝමීටර් 20 ක ඇලමාර්ගයක් වගා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (07) දින නැවත පිලිසකර කරන්නට යෙදුණි.
23rd September 2017 20:11:32 පැය
පොල් වගාව ව්‍යාප්ත කරලීමේ සහ දීගු කාලීනව සාමාන්‍ය වැසියන්ට ආදායම් මාර්ගයක් සපයාදීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් අනුව පූනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත පොල් පැළ ලබාදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (07) දින පවත්වනු ලැබීය.
12th September 2017 14:51:39 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ප්‍රේඩි කෲස් මහතාගේ (Mr Freddy Cruise) මුලිකත්වයෙන් යුතුව මීගමුව රොටරි සාමාජය හා එක්වි කිලිනොචිචි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ශීෂ්‍යයන් වෙත පාපැදි 80 ක් අඟහරුවාදා (05) දින කිලිනොච්චි නෙලුම්පියස ශ්‍රවණාගරයේ දී ප්රදානය කර ඇත.
12th September 2017 14:39:10 පැය
වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික විදුහල් භූමිය තුල ශ්‍රී වජිරාරාම ශාසන සේවිකා සංගමයේ මුල්‍යාධාරයෙන් තනවා නිම කරන ලද නව බුදු මැදුර එම සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ විහාරධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් විසින් පාසල් සිසුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් පූජා කරන ලදී.
12th September 2017 14:35:49 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවට අයත් 12 වන ගැමුණු හේවා බලකායේ සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය චාවකච්චේරි ඩ්‍රිබර්ග් (Drieberg) විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ඉදිකරදී ඇත.
04th September 2017 15:18:32 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම අනුව හමුදා භට පිරිස් විසින් පසුගියදා (17) කිලිනොච්චි ප්‍රදේශයේ පැවැත්වු ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට ක්‍රියාකාරිව දායක වුහ. 57, 65 සහ 66 වන සේනාංක වලට අයත් 700 කට වැඩි හමුදා භට පිරිසක් කිලිනොච්චි, පුනරීන්, මුලන්කාවිල්, විශ්වමඩු සහ.....
04th September 2017 15:02:59 පැය
සාලියවැව යුද හමුදා වෘත්තීය පුහුණු අභ්‍යාස මධ්‍යස්ථානය 23 වන බදාදා දින 7 වන වරටත් රාජාංගනය, ආඩියාගල රජමහා විහාරයේදී දෘෂ්යාබාධයන්ගෙන් පෙලෙන සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් පවත්වා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදු කෙරුනි.
04th September 2017 14:11:04 පැය
රටේ විවිධ ප්‍රදේශවල පැතිරෙමින් පවතින ඩෙංගු වසංගත තර්ජනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සාමාන්‍ය වැසියන්ගේ, පොළිස් නිලධාරින්, භඨ පිරිස් සහ වෙරළ ආරක්ෂක භඨ කණ්ඩයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පසුගියදා (22 අඟහරුවාදා) 22 වන සේනාංකය යටතේ වූ සියළු බලසේනාවන්හි ක්‍රියාත්මක කෙරුණි.
18th August 2017 15:11:03 පැය
කරවෙඩ්ඩි, ‘Child Jesus’ පෙරපාසල භාර ගරු. එම්. පුෂ්පමාලා සොහොයුරියගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් එම පෙර පාසලේ ගුරුවරුන් 5 ක්, සිසුන් 48 ක් සහ දෙමාපියන් 48 ක් වෙත පලාලි ගුවන් තොටුපල සහ කන්කසන්තුරේ නාවික කඳවුරේ සංචාරය කිරීමට හා ළමුන්ගේ අධ්‍යාපන චාරිකාව සතුටුදායක අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලදි.
12th August 2017 09:37:41 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ අදහසකට අනුව ‘ගුණ ජය සතුට පදනමේ’ කුසිල් ගුණසේකර මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් වෙත පාපැදි 75 ක් බෙදාදීම බදාදා (02) දින සිදු කරනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන නෙළුම්පියස ශ්‍රවණාගරයේ දී පැවති මෙම පාපැදි බෙදාදීමේ අවස්ථාව සඳහා....