Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

  • අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින පුදුකුඩිඉරිප්පු සිසුන් වෙනුවෙන් යුද්ධ හමුදා සහයෝගයෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයක්

    21st November 2017 08:02:09 පැය

    මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 68 වන සේනාංක මුලස්ථානය මගින් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (11) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී. හිටපු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අධ්‍යක්ෂක විශ්‍රාමික කේ. සෙල්වරාසා මහතා සහ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කඨීකාචාර්ය ආර්.ආර්. ආනන්දන් මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබීය.

  • 641 බලසේනාවේ භට පිරිස් විසින් වැව් බැම්ම පිළිසකර කරයි

    21st November 2017 07:53:00 පැය

    ඔඩ්ඩුසුඩාන් වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ගොවිජන සේවා මධ්‍යස්ථානය මන්නකණ්ඩාල්, ඔඩ්ඩුසුඩාන් විසින් මන්නකණ්ඩාල් වැව් බැම්මට සිදුවී ඇති හානිය පිළිබඳ කරන ලද දැනුම්දිමකට සහ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හි පිහිටි මන්නකණ්ඩාල් වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා පිළිසකර කිරිම සඳහා පුර්ණ සහයෝගය අඟහරුවාදා (7) දින ලබා දෙන ලදි.

  • ගංවතුරෙන් පීඩාවට පත් වු යාපනය ජනතාව වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් හි සහාය

    21st November 2017 07:44:16 පැය

    යාපනය ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් මෑතකදී පීඩාවට පත් ජනතාව වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් රාත්‍රී පිසු ආහාර, පානීය ජල බෝතල් හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් සහන සලසා ඇත. මෙම සහන මළු සෙට්ටියාර්තෝට්ටම් (ජේ/109), තිරුනේවේලි (ජේ/110) සහ පරවාකුලම් (ජේ/111) යන ග්‍රාම සේවා වසම් වල ජීවත් වන පීඩාවට පත් ජනතාව අතර ‍නොවැම්බර් 11 වන දින බෙදා දෙන ලදී.

  • වෙරළ තීරය පිරිසිදු කිරීමට සහ රුක් රෝපණ ව්‍යාපෘතියට වාකරේ භට පිරිස්හි සහාය

    19th November 2017 21:26:39 පැය

    නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 බලසේනාව, පරිසර හිතකාමී ‘හරිත විප්ලව’ වැඩසටහන සමඟ එක්ව වාකරේ ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සහ රුක් රෝපණ වැඩසටහනක් ඉරිදා (12) දින දියත් කරනු ලැබීය. 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා ජයවීර ගේ ඉල්ලීමකට අනුව, එම බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ.....

  • කිලිනොච්චි තේවම්පිඩ්ඩි දමිළ විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමට 65 වන සේනාංක භට පිරිස්හි සහාය

    19th November 2017 20:57:24 පැය

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (Sri Lanka Insurance) ආයතනයේ මුල්‍ය දායකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තේවම්පිඩ්ඩි රජයේ දමිළ විද්‍යාලයේ සිසුන් 312 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ ක්‍රීඩා උපකරණ බෙදාදීමේ උත්සවයක් සිකුරාදා (10) දින පවත්වනු ලැබීය.

  • මොණරාගල ළමා හා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරයක්

    19th November 2017 20:44:40 පැය

    මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 18 වන ගැමුණු හේවා බළඇණි‍යේ භට පිරිස් විසින් තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අඟහරුවාදා (07) දින මොණරාගල ප්‍රදේශයේ පිහිටි ‘පිළිසරණ’ ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.

  • වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා යාපනය භට පිරිස් හි සහාය

    17th November 2017 11:34:30 පැය

    යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 බලසේනාවේ භට පිරිස් බදාදා (08) දින යාපනය ගුරුනගර් වෙරළ තීරය දිගේ තම බල ප්‍රදේශයේ සිට පන්නායි හන්දිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සහභාගි වූහ. ‘අපගේ අනාගතය වෙනුවෙන් පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ 512 වන....

  • මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට 64 සේනාංක භට පිරිස් හි සහාය

    17th November 2017 11:28:57 පැය

    මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය පැවැත්වීම සඳහා 64 වන සේනාංක ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ලබාදෙන ලද අතර, එම තරඟාවලිය නොවැම්බර් 6 – 7 දිනයන්හිදී පැවැත්වීමටද සියළු සහයෝගයන් ලබාදෙන ලදි.

  • 11 වන සේනාංකය වෙතින් පාසල් සිසුන්ට දිවා ආහාරය

    17th November 2017 11:14:26 පැය

    මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර, ගලහ හිඳගල සීවලි මහා විද්‍යාලය ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් අඟහරුවාදා (07) දින පාසල් අවසන්විමත් සමඟ දිවා ආහාර වේලක් ලබාදෙන ලදි. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති එම සේනාංක භට පිරිස් සහයෝගයෙන් ඔවුන්ගේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම දිවා ආහාර වේල ලබාදීම සිදු කරන ලදි.

  • කිලිනොච්චි විදුහල් පරිශ්‍රයේ මදුරුවන් බෝවන ස්ථාන භට පිරිස් විසින් විනාශ කරයි

    16th November 2017 09:22:56 පැය

    මෝසම් වර්ෂා කාලය ආරම්භවීමත් සමඟම පැතිරමින් පවතින ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරියලන්ගපද්දුවාන්......